ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ ඇගයීමට ලක්වේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක සහ ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වුහ.

එහිදී, මෙවැනි නිල සංචාර තුළින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව ඉන්දීය ලෝක් සභාවේ කථානායකවරයා පෙන්වා දෙයි.

එම සංචාරය අතරතුර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා Shri Om Birla  මහතා ඉන්දීය පාර්ලිමේන්තු කථානායක කාර්යාලයේ දී හමු වී සාකච්ජාවක නිරත වූ අතරඑහිදී කථානායකවරයා අවධාරණය කරන ලද්දේ මෙවැනි සංචාර තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරවිශේෂයෙන් පාර්ලිමේන්තු සහයෝගීතාවසෞඛ්‍යමාධ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

 ලෝක් සභාව සහ රාජ්‍ය සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමසභා ගර්භ සහ පාර්ලිමේන්තු පුස්තකාලය නිරීක්ෂණයඉන්දියානු මාධ්‍යයේ කාර්යභාරයපාර්ලිමේන්තු කාරක සභා පද්ධතියඋසස් අධ්‍යාපනයමහජන සෞඛ්‍යපාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී  දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවිය.

දූත පිරිස සඳහා සංවිධානය කර තිබූ වැඩසටහනට සෞඛ්‍ය විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre for Excellence in Health) නිරීක්ෂණයඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම ඇතුළු වැඩසටහන් ගණනාවක් ඇතුළත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලයින් වමාරද්දී දේශපාලනඥයින් හොඳටම බයවෙලා. සමහරු පන්සල් යනවා, සමහරු දේවාල ගානේ යනවා ?

වත්මන් රජය විසින් ගෙනයන පාතාල මර්දන මෙහෙයුමේදී අත් අඩංගුවට...

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම : නීතීඥයකු අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා...

තිස්සමහාරාම පොලීසියේ කැබ් රථය උස්සලා ?

තිස්සමහාරම පොලීසියේ ජංගම පොලිස් කැබ් රථය ඊයේ (03) රාත්‍රියේ...

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...