JCPoA න්‍යෂ්ඨික අවි ගිවිසුම උල්ලංඝනය කළ බවට ඉරානයට යළිත් චෝදනා!

Date:

2015 න්‍යෂ්ඨික අවි පාලනය කිරීමට අදාළව රටවල් කිහිපයක එකඟාතවය මත එළඹුනු ගිවිසුම (JCPoA) ඉරානය විසින් නැවත වරක් උල්ලංඝනය කර ඇති බවට චෝදනා නැඟෙයි.

2015 න්‍යෂ්ඨික අවි ගිවිසුමට ප්‍රකාරව ඉරානයේ ස්ථාපනය කළ එක්සත් ජාතීන්ගේ පරමාණු මුරකරු නිරීක්ෂණ උපකරණ පද්ධතිය ඉවත් කිරීමට එම රට කටයුතු කර ඇති අතර, මෙම ක්‍රියාව හෙලා දකිමින් ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන යුරෝපා රටවල් ඊයේ (09) දින නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානයේ මෙම ක්‍රියාකලාපය මත න්‍යෂ්ඨික ගිවිසුම යළි පණ ගැන්වීමට ටෙහෙරානය ලබා දී ඇති පොරොන්දුවේ වලංගුභාවය පිළිබඳව ප්‍රශ්න නැඟෙන බවයි එම රාජ්‍ය පෙන්වා දෙන්නේ.

ඉරානය විසින් ගෙන ඇති මෙම පියවර හරහා JCPoA (Joint Comprehensive Plan of Action) න්‍යෂ්ඨික ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීමට ඇති ඉඩ ඇහිරී යන බවත්, තත්ත්වය තව තවත් බරපතල අතට හැරෙන බවත් එම රාජ්‍ය අවධාරණය කරයි.

ඒ අනුව මෙම න්‍යෂ්ඨික ගිවිසුම කෙරේ ඉරානය දරන කැපවීම ප්‍රශ්න සහගත බවයි එම යුරෝපා රාජ්‍ය සිය නිවේදනය හරහා පෙන්වා දෙන්නේ.

මීට ඉහත අවස්ථාවක ද ඉරානය මෙම ගිවිසුම උල්ලංඝනය වන පරිදි න්‍යෂ්ඨික අවි රහසින් අත්හදා බැලීමක් සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොඩ්ඩන්ගේ පොඩිකමම ලොකු වෙන්න හරස් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...

ලක්ෂ 10න් ගෙවල් හදන හැටි පෙන්වන්නම්, එන්න ගම්පහට – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් ලක්ෂ 10කින් නිවසක් ඉදිකරන්නේ කෙසේදැයි...

ඉදිරි දස වසර තුළ සමාජ සුබසාධනය සහ ශාසනික උනන්තිය වෙනුවෙන් කැපවෙනවා – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල ගතවූ විසි වසර තුළ කුමන අභියෝග...

අද (09) දවසේ මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න්...