JCPoA න්‍යෂ්ඨික අවි ගිවිසුම උල්ලංඝනය කළ බවට ඉරානයට යළිත් චෝදනා!

2015 න්‍යෂ්ඨික අවි පාලනය කිරීමට අදාළව රටවල් කිහිපයක එකඟාතවය මත එළඹුනු ගිවිසුම (JCPoA) ඉරානය විසින් නැවත වරක් උල්ලංඝනය කර ඇති බවට චෝදනා නැඟෙයි.

2015 න්‍යෂ්ඨික අවි ගිවිසුමට ප්‍රකාරව ඉරානයේ ස්ථාපනය කළ එක්සත් ජාතීන්ගේ පරමාණු මුරකරු නිරීක්ෂණ උපකරණ පද්ධතිය ඉවත් කිරීමට එම රට කටයුතු කර ඇති අතර, මෙම ක්‍රියාව හෙලා දකිමින් ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන යුරෝපා රටවල් ඊයේ (09) දින නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානයේ මෙම ක්‍රියාකලාපය මත න්‍යෂ්ඨික ගිවිසුම යළි පණ ගැන්වීමට ටෙහෙරානය ලබා දී ඇති පොරොන්දුවේ වලංගුභාවය පිළිබඳව ප්‍රශ්න නැඟෙන බවයි එම රාජ්‍ය පෙන්වා දෙන්නේ.

ඉරානය විසින් ගෙන ඇති මෙම පියවර හරහා JCPoA (Joint Comprehensive Plan of Action) න්‍යෂ්ඨික ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීමට ඇති ඉඩ ඇහිරී යන බවත්, තත්ත්වය තව තවත් බරපතල අතට හැරෙන බවත් එම රාජ්‍ය අවධාරණය කරයි.

ඒ අනුව මෙම න්‍යෂ්ඨික ගිවිසුම කෙරේ ඉරානය දරන කැපවීම ප්‍රශ්න සහගත බවයි එම යුරෝපා රාජ්‍ය සිය නිවේදනය හරහා පෙන්වා දෙන්නේ.

මීට ඉහත අවස්ථාවක ද ඉරානය මෙම ගිවිසුම උල්ලංඝනය වන පරිදි න්‍යෂ්ඨික අවි රහසින් අත්හදා බැලීමක් සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...