ටියානාට පෑන් ඇමෙරිකානු 15 න් පහළ යුගල සූරතාවය

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 01, කොළඹ LNW:

ආර්ජෙන්ටිනාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ පෑන් ඇමෙරිකානු මේස පන්දු තරගාවලියේ දී අවුරුදු 15 න් පහළ බාලිකා යුගල සූරතාවය දිනා ගැනීමට ටියානා පියදාස සහ අස්පති සත්‍යා සමත් වුණා.ඔවුන් අතින් පරාජයට පත් වුනේ ද ඇමෙරිකාව නියෝජනය කළ යෙහො අයිරින් සහ යු අබිගාලි යන දෙදෙනායි.තියුණු අවසාන තරගයකට පසුව තරග වට 3-2 ක් ලෙස සූරියන් වන්නට සත්‍යාට සහ ටියානාට හැකි වුණා.


මෙහිදී ටියානා තරග කලේ මීට සතියකට පමණ පෙර ඇමෙරිකානු 19න් පහළ යුගල සූරතාවය ඇයගේ අක්කා වන ටාෂියා සමඟ එක්ව දිනා ගත් සත්‍යා සමඟ වීමත් අපූරු සිඳුවීමක් වුණා.මේ තරගාවලියේ දි ඇමෙරිකාව සතුව අවුරුදු 15 න් පහළ හොඳ දක්ෂතා සහිත කණ්ඩායමක් සිටිය ද,අවුරුදු 19 න් පහළ කණ්ඩායම එතරම් දක්ෂයන් නොවීම නිසා ටාෂියාව මේ තරගාවලියේදී විශේෂ අවසරයක් ඇතුව 19 න් පහළ කාණ්ඩයට ඇතුළත් කරන්නට ක්‍රියා කර තිබුණා.එහිදි රටක් හැටියට ඇමෙරිකානු කාන්තා කණ්ඩායම්වලට විශාල බලපෑමක් ඇති කරන්නට සමත් වූයේ පුවාටරිකෝ කණ්ඩායමයි.


කෙසේ වුවත් ලාබාල ටියානා මේ තරගාවලියේද ලාංකේය අනන්‍යතාවය සහිතව පියදාස නම ඉහළින්ම රඳවමින් ඇමෙරිකානු ධජය යටතේ අයුරුදු 15 න් පහළ කණ්ඩායම් රන් පදක්කම සහ යුගල තරග රන් පදක්කම දිනා ගැනීමට දායක වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...