ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 800 ඉක්මවයි

0
294

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 02:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(01)දිනයේදී ඇෆ්ගනිස්තානයේ කුනාර් සහ නන්ගර්හාර් යන නැගෙනහිර පළාත්වල ඇතිවූ රික්ටර් පරිමාණයේ 6 ක කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 812 දෙනෙකු මියගොස් අවම වශයෙන් 2,800 ක් තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බව බලධාරීන් වාර්තා කරන අතර භූ කම්පනයට අපිකේන්ද්‍රයට ආසන්නව පිහිටි කඳුකර කුනාර් පළාත සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

ජාතීන් කිහිපයක් දැනටමත් ආධාර පොරොන්දු වී ඇති අතර මාර්ග විනාශව ඇති බැවින් සමහර ගම්මානවලට ප්‍රවේශ වීම අසීරු වී ඇත.

ඇෆ්ගනිස්ථානය දරුණු නියඟයකින්, ආධාර කප්පාදුවකින් සහ පෙර නොවූ විරූ කුසගිණි අර්බුදයකින් පීඩා විඳිමින් සිටියදී මෙම ව්‍යසනය සිදු වී ඇති අතර එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වූ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) මේවන විට ලොව පුරා සිටින ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා ඇත.