ජනාධිපති ට්‍රම්ප්ට විරෝධය පළකරමින් දහස් ගණනක් කම්කරුවන් වීදි බසියි; ඇමරිකාව පුරා කම්කරු රැළි 1000කට අධික සංඛ්‍යාවක්

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව එක්සත් ජනපදය පුරා කම්කරුවන් දහස් ගණනක් ඊයේ(01) විදී බසිමින් සිය විරෝධය පළකර තිබේ.

“කෝටිපතියන්ට වඩා කම්කරුවන්” යන බැනරය යටතේ සඳුදා ප්‍රාන්ත 50 පුරාම විරෝධතා 1,000 කට වැඩි ප්‍රමාණයක් සංවිධාය වී තිබුණු අතර විරෝධතාවයන්ට එක්වූ කම්කරුවන් සිය ඉල්ලීම් වශයෙන් ඉදිරිපත් කර තිබුණේ, ට්‍රම්ප් පරිපාලනය යටතේ ට්‍රම්ප් විසින් ජාතික ආරක්ෂක භටයින් සහ එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) අතිරේක නියෝජිතයන් රටතුල යෙදවීම, විරෝධතාකරුවන් ශක්තිමත් සේවක ආරක්ෂාව, පූර්ණ අරමුදල් සහිත පාසල්, සැමට සෞඛ්‍ය සේවා සහ නිවාස, සහ ආයතනික දූෂණය අවසන් කිරීම, ආන්තිකකරණය වූ ප්‍රජාවන්ට පහරදීම සහ ෆෙඩරල් සීමාව ඉක්මවා යාම ආදියයි.

නිව්යෝර්ක්හි, ට්‍රම්ප් කුළුණෙන් පිටත රැස්ව සිටි සිය ගණනක් ජනයා ට්‍රම්ප් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා ෆැසිස්ට්වාදියෙකු ලෙස හඳුනවා තිබිණ.

ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් මට්ටමින් නියම කර ඇති අවම වැටුප පැයකට ඩොලර් 7.25ක් වන අතර වේටර් කාර්ය මණ්ඩලය අවම වැටුප ඩොලර් 2.13 ක් වන අතර, එය 1991 දී නියම කරන ලද අගයකි.සමහර ප්‍රාන්තවල අවම වැටුප් ඉහළ මට්ටමක පවතින අතර නිව්යෝර්ක් නගරයේ දැනට ඩොලර් 16.50 ක් වන අතර මෙම අගය බොහෝ විට ජීවන වැටුපට වඩා බෙහෙවින් අඩුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ තේමා පාඨය කෙසේ වෙතත් බැලූ බැල්මට ආණ්ඩුව වැඩක් කරන්නේ නෑ කියලා පේනවා – නාමල්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ඉතිහාසයේ හැම ආණ්ඩුවක්ම වැටී...

පොතක් කියන්නෙම ආදරණීයම හිතක් : “අයෝමත්‍ර” ජනගත වූදා…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: පොතක වරුණ..... ලක්හඬ ගුවන්විදුලියේ හිටපු...

කිසිවිටෙකත් ජාතිවාදී දේශපාලනයට සහය දෙන්න එපා – ජනපති අදත් උතුරේ ජනතාව හමුවට!

කොළඹ LNW:කිසිලෙසකින්වත් ජාතිවාදී දේශපාලනයට සහය නොදෙන ලෙස ජනාධිපති අනුර...

දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ‘ක්ලීන් ශ්‍රී ලංකා’...