Trendy Thursday: ඉතාලි විලාසිතා පුරාවෘත්තයක් ලෙස නොමැකෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Giorgio Armani” නික්ම යයි!

Date:

සටහන – පුලී

සැප්තැම්බර් 04, කොළඹ (LNW): ඉතාලි විලාසිතා පුරාවෘත්තයක් වන ජෝර්ජියෝ අර්මානි, ලොව ඉහළ පෙළේ ජීවන රටා අධිරාජ්‍යයක රජු වශයෙන් වැජඹුණු අති දැවැන්තයෙකි.

මියයන විට ඔහු වයස අවුරුදු 91 පසු කරමින් සිටි අතර ඒ බව ඔහුගේ සමාගම බ්‍රහස්පතින්දා(අද) දින පැවසීය.

අසීමිත ශෝකයෙන්, ආර්මානි සමූහය එහි නිර්මාතෘ, ජෝර්ජියෝ අර්මානිගේ අභාවය නිවේදනය නිවේදනයක් නිකුත් කරමින් දැන්වීය.

නවීන ලෝකයේ සුප්‍රසිද්ධ සමකාලීන නිර්මාණකරු වන ආර්මානි 1975 දී මිලාන්හි සිය විලාසිතා මන්දිරය විවෘත කළේය.

විලාසිතා සමාගමක් ලෙස ආරම්භ වූ අර්මානි සමාගම රූපලාවන්‍ය, සංගීතමය, ක්‍රීඩා සහ සුඛෝපභෝගී හෝටල් දක්වා ව්‍යාප්ත විය. ඔහු ගෞරවනීය නමගිය ව්‍යාපාරිකයෙකු ද වූ අතර, ඔහුගේ සමාගම වසරකට පවුම් බිලියන 2 කට වඩා ඉපයීමට ද සමත්කම් දැක්වීය.

අද අප දකින රතු පලස් විලාසිතා වල ට නව පණක් දුන් ඔහු 2006 දී නිරූපිකාවක් වන ඇනා කැරොලිනා රෙස්ටන්ගේ මරණයෙන් පසු, අවශ්‍ය පරිදි සෞඛ්‍ය සම්පන්න නොවූ නිරූපිකාවන් ධාවන පථයෙන් තහනම් කළ පළමු නිර්මාණකරු ද විය.



ඔහුගේ අවමංගල්‍යය පෞද්ගලිකව සිදු කරනු ඇතැයි සමූහය පැවසූ මුත් ශෝකය පලකිරීමට සෙනසුරාදා සහ ඉරිදා දිනවල මිලාන්හි විවෘතව ඇති අවමංගල්‍ය ශාලාවකදී ගෞරව දැක්විය හැකි බව ද ප්‍රකාශ කරයි.

Images : Internet

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...