2025 ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW:

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබාගෙන, දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාව සමත්වී ඇති බව වාර්තා වේ.

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික් සදහා කඩඉම් ලකුණු සීමාව, සිංහල මාධ්‍ය 140ක් වන අතර දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 134ක් වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 136ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 135ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් වේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 134ක් සහ දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් වන අතර අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 133ක් සහ දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 131ක් බවය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 132ක් වේ.

කිළිනොච්චිය, වව්නියාව, මුලතිව්, මඩකලපුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 127ක් වන අතර දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 132ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මන්නාරම දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 127ක් සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 131ක් වන අතර යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 132ක් වේ.

පසුගිය අගොස්තු මස 10 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවති අතර ඒ සදහා අයදුම්කරුවන් 308,026ක් ඉල්ලුම් කර තිබුණි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම අයදුම්කරුවන් අතරින් 303,670 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ඇති බවයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකි වේ.

2025 අගොස්තු මස 10 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවති අතර ඒ සදහා අයදුම්කරුවන් 308,026ක් ඉල්ලුම් කර තිබුණි.එම අයදුම්කරුවන් අතරින් 303,670 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කර අද (04) දිනයේ සිට අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛන බාගත කරගැනීමට හැකි අතර අපේක්ෂකයින්ගේ කේවල සහතික පත්, අභියාචනා සලකා බැලීමෙන් පසු පාසල් වෙත තැපැල් මඟින් යොමුකිරීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...