2025 ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW:

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබාගෙන, දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාව සමත්වී ඇති බව වාර්තා වේ.

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික් සදහා කඩඉම් ලකුණු සීමාව, සිංහල මාධ්‍ය 140ක් වන අතර දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 134ක් වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 136ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 135ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් වේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 134ක් සහ දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් වන අතර අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 133ක් සහ දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 131ක් බවය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 132ක් වේ.

කිළිනොච්චිය, වව්නියාව, මුලතිව්, මඩකලපුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 127ක් වන අතර දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 132ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මන්නාරම දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 127ක් සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 131ක් වන අතර යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 132ක් වේ.

පසුගිය අගොස්තු මස 10 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවති අතර ඒ සදහා අයදුම්කරුවන් 308,026ක් ඉල්ලුම් කර තිබුණි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම අයදුම්කරුවන් අතරින් 303,670 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ඇති බවයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකි වේ.

2025 අගොස්තු මස 10 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවති අතර ඒ සදහා අයදුම්කරුවන් 308,026ක් ඉල්ලුම් කර තිබුණි.එම අයදුම්කරුවන් අතරින් 303,670 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කර අද (04) දිනයේ සිට අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛන බාගත කරගැනීමට හැකි අතර අපේක්ෂකයින්ගේ කේවල සහතික පත්, අභියාචනා සලකා බැලීමෙන් පසු පාසල් වෙත තැපැල් මඟින් යොමුකිරීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...