රටට ක්ෂණිකව ඩොලර් ගෙන්වන්න ඩයනා ඉදිරිපත් කළ යෝජනාවලිය (VIDEO)

Date:

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටට ඩොලර් ආදායම් ක්ෂණිකව සපයා ගත හැකි යෝජනාවලියක් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

ඒ අනුව,

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම
විදුලියෙන් ධාවනය වන බස් රථ සහ කාර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඇරඹීම
මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන ආශ්‍රිතව මිශ්‍ර සංවර්ධන කේන්ද්‍ර දෙකක් ගොඩනැඟීම
වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සඳහා අපනයනය කිරීමට කංසා වාණිජමය වශයෙන් වගාකිරීම
සංචාරක කර්මාන්තය වෙනුවෙන් මන්නාරම් දූපත සම්පූර්ණයෙන්ම වෙන්කර සංවර්ධනය කිරීම
රටට විදේශ විනිමය ගෙන්වීම සඳහා විදෙස් රටවල ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ඉලක්ක ලබාදීම

යනාදී යෝජනාවලියක් ඒ මහත්මිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි ඇතැම් යෝජනා සම්බන්ධයෙන් තමන් දැනටමත් ආයෝජකයින් සමග සාකච්ඡා කර ඇති අතර අවශ්‍ය අනුමැතිය ලබාදෙන්නේ නම් ඒවා ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කළහැකි බවයි ඒ මහත්මිය අවධාරණය කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...