එලිසබෙත් මහරැජිනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුමට සහභාගී වූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව

Date:

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මහරැජිනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුම් සංදර්ශනය සඳහා සහභාගී වෙයි.

එක්සත් රාජධානි රජයේ ආරාධනයෙන්, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ බලඇණියක් 2022 ජුනි මස 05 වන ඉරිදා දින පැවති දෙවන එලිසබෙත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුම් සංදර්ශනය සඳහා සහභාගී විය.

2022 වසරේදී දෙවන එලිසබෙත් රැජින වසර 70 ක පාලන සමයකින් අනතුරුව ප්ලැටිනම් ජුබිලිය සැමරූ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා බවට පත්විය.

රැජින වෙනුවෙන් ජුනි මස 02 වන දින සිට 05 වන දින දක්වා පැවති සැමරුම් උත්සව මාලාවක කොටසක් ලෙස මෙම සංදර්ශනය සංවිධානය කර තිබිණි. හමුදා සංදර්ශනයක් සහ සංස්කෘතික සංදර්ශන ඇතුළු අංග ගණනාවකින් මෙම උත්සවය සමන්විත විය.

සංදර්ශනය අවසානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා කණ්ඩායම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය හමුවූ අතර එහිදී එතුමිය විසින් මෙම අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව වෙත සිය ස්තුතිය පුද කරනු ලැබූ අතර මෙවන් අතිශය සුවිශේෂී අවස්ථාකදී ශ්‍රී ලංකා ධජය ඉහළට ලෙළදෙන අයුරු දැකීමට ලැබීම ආඩම්බරයක් බව සඳහන් කරනු ලැබීය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2022 ජුනි 10 වන දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෘජු ප්‍රේෂණ වැඩිවෙලාද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : 2025 වසර තුළ විදෙස්...

රත්නපුරේ නීතිඥවරයෙකුගේ නිවසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට...

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...