ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට!

Date:

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

අධිරුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් හේතුවෙන් වෛද්‍ය නිර්දේශය මත ඊයේ (5) පස්වරුවේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගැනුණි.

දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි නඩුව පසුගිය 29 වැනිදා යළි කැඳවූ අතර එහිදී ඔහු එළඹෙන 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...