වරුවක් ඇතුළත වෙඩිතැබීම් 4ක් !

ගත වූ පැය 12ක කාලයක් ඇතුළත දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වෙඩිතැබීමේ සිද්ධි 04ක් වාර්තා වී තිබේ.

ඊයේ (05) මධ්‍යම රාත්‍රිය ආසන්නයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පළාගොස් තිබුණු අතර එහිදී වෙඩිවැදුණු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබිණි. මෙසේ මියගොස් තිබුණේ කැළණිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

අද (06) අලුයම 01.40 ට පමණ මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (6) අලුයම 1.40ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබූ අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටී.

මේ අතර අද (06) අලුයම 1.38ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා පලාගොස් ඇත. මෙම වෙඩිතැබීමෙන් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව සඳහන්.

එමෙන්ම පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට ද අද (06) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ. නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් එහි සිට ඇති නමුත් ඇය වෙඩි ප්‍රහාරයෙන් බේරී පළාගොස් ඇත. වෙළඳසැලේ තිබූ ශීතකරණයකට වෙඩිවැදීමෙන් හානි සිදුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...