අන්තිමේදී IMF යන්නත් තීන්දු කරයි !

Date:

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටවල් කිහිපයක් සමග මෙන්ම ණය ආධාර ලබාදෙන සංවිධාන සමග සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඉන්දියාව, චීනය, ඇමරිකාව ඇතුළු රටවල් සමග මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, යුරෝපා සංගමය ඇතුළු සංවිධාන සමගද සාකච්ඡා කිරීමට සූදානම් බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ.

ඒ ඒ රටවල් සමග සහ ආයතන සමග සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට පවරා තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයන්, ආර්ථික විශේෂඥයන් දිගින් දිගටම පෙන්වා දුන්නේ අධික පොළියකට ණය ලබා ගැනීමට වඩා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාම වඩාත් සුදුසු බවයි. මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා කිහිපයකදී අදහස් දක්වා තිබිණි.

කෙසේ නමුත් රජයේ පාර්ශ්වයෙන් දිගින් දිගටම සඳහන් කළේ මුල්‍ය අරමුදල හමුවට යාමට රජයට කිසිදු අදහසක් නොමැති බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට හමුවට ගියහොත් ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟවීමට සිදුවන බවත්, රාජ්‍ය සේවය කප්පාදු කිරීම ඇතුළු අහිතකර යෝජනා ඔවුන් ඉදිරිපත් කරනු ඇති බවත් ඇතැම් මැති ඇමතිවරුන් ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් අවසානයේදී ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ආයතනවල පිහිට පැතීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...