ඕවර් ඇක්ටිං දඟලානා : ඇමති ප්‍රසන්න හඬාවැටෙයි. මහා සංඝරත්නයට අභියෝගත් කරයි (VIDEO)

Date:

ගිනි තැබීමට ලක්වූ සිය නිවස බැලීම සඳහා ඊයේ (11) පැමිණි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී හඬා වැළපෙන ආකාරය දක්නට ලැබිණි.

මෙසේ ඒ මහතා හඬා වැළපුණේ නිවස ගිනි තැබීමෙන් මාසයකට පසුව එය නැරඹීමට පැමිණි අවස්ථාවේදීය.

එසේම ඉන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් භික්ෂුන් වහන්සේලාව සහ කතෝලික පියතුමන්ලාව දැඩි විවේචනයකට ලක් කළ ඒ මහතා හාමුදුරුවරුන්ට දානය දෙන්නේ තමන් බවත් එම හාමුදුරුවරුන් මිනීමැරීමට වේදිකාවල සිට කතාකරන බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම මැයි 09 වෙනිදා සිදුවූ ප්‍රචණ්ඩක්‍රියාවලට බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ කතෝලික පියතුමන්ලා නායකත්වය දුන් බවට තමන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය එළියේදී නැවතත් කියන බව පැවසූ ඒ මහතා හැකි නම් තමන්ට නඩු පවරන ලෙස උන්වහන්සේලාට අභියෝගයක් ද එල්ල කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මේ වනවිට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක් කප්පම් ගැනීමේ සිද්ධියකට අදාළ නඩුවකින් වැරදිකරු වී වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් සහ රුපියල් මිලියන 25ක දඩයක් ද නියම වී සිටින්නෙකි.

මැයි 09 සිදුවීම් වලින් පසුව පාර්ලිමේන්තුවේ පොහොට්ටු මන්ත්‍රීවරුන් බොහොමයකගේ දේශපාලනය වී ඇත්තේ ජනතාව කෙරේ වෛරයෙන් යුතුව ඔවුන්ට හතී අතේ බැණවැදීමත් මාධ්‍ය ඉදිරියේ හඬාවැටීමත් බව පෙනේ.

විශේෂයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ගෙවල් ගිනිතැබීමට නායකත්වය දුන් බවක් වෙනත් දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේ නම් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කොතරම් දරුණු ලෙස ඊට විරුද්ධ වෙයිද යන්න අමුතුවෙන් කිවයුතු නැත. නමුත් දැන් ඔවුන්ට රට ජාතිය ආගම සම්බන්ධයෙන් තමන්ම පෙන්වූ ව්‍යාජ කැක්කුම පවා අමතකම වී ඇති බව පැහැදිලිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...