බස් අනතුරු වැළැක්වීමට තවත් පියවරක්: අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීමේ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මකයි

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW :

හෙට (08) සිට රථවාහනවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීමේ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සියලු පරික්ෂා කිරීම් පොලිස් නිලධාරීන් හෙට සිට දැඩි ලෙස සිදුකරනු ඇති බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා සඳහන් කරයි.

බස්රථවල මෙන්ම ඇතැම් වාහනවල අමතරකොටස් සවිකිරීම තුළින් රියදුරුට නිසිලෙස මාර්ගය නොපෙනීම හේතුවෙන් අනතුරු සිදුවන බවට තහවුරු වී තිබුණු අතර, රථවාහනවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීම සිදු කෙරුණේ ඒ අනුවයි.

හෙට (08) දිනයේ සිට අදියර දෙකක් යටතේ එය සිදු කිරීමට පොලිසිය පියවර ගත් අතර එම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

විවිධ නාද රටා විවිධ වර්ණ සහිත අමතර පහන් නීති විරෝධී සවිකිරීම් , ඝෝෂාකාරී නලා , අධික ශබ්ද සහිත සයිලන්සර් , අලාභය ඉහළ ආකාරයෙන් අන්තරාදායක ලෙස සවිකර ඇති අමතර කොටස් , ඉෂ්ඨ රූප , සමගින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටයි අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...