සීමා නීර්ණයට නැවත කොමිසමක් පත්කරනවා. පළාත් සභා ඡන්දය ලබන වසරේ තියන්න බලාපොරොත්තු වෙනවා – ටිල්වින්

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ සීමා නීර්ණයේ ගැටලු ගණනාවක්ම තිබීම හේතුවෙන් බවත් ඒවා විසඳාගැනීම සඳහා නැවතත් සීමා නීර්ණ කොමිසමක් පත්කිරීමට කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“සීමා නීර්ණයේ වැරදි ගොඩක් තිබුණා. ඒ නිසා ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නෑ. ඒ නිසා තමයි ඡන්දය තියන්න බැරිවුණේ. නැවත සීමා නීර්ණයක් කළ යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා ඒ සඳහා නැවත කොමිසමක් පත්කරලා, ලබන වසරේ එම සීමා නීර්ණ කටයුතු කරලා, ඒක අවසානයේ ඡන්දයට යන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි බලාපොරොත්තු වෙනවා – අපි ජනාධිපතිවරණය දිනුවා NPP එක, ඊටපස්සෙ පාර්ලිමේන්තු මැතිවරණය දිනුවා, අපි පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කළා, ඒ වගේම අපි පළාත් සභාත් ජයග්‍රහණය කරලා මේ රට වෙනස් කිරීමට මේ සියලු ආයතන පාවිච්චි කරන්න ඕනා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (07) දිනයේදී ජවිපෙ යාපනය දිස්ත්‍රික් කාර්යාලයේ පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...