අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW :

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කළ බව පවසමින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙන බව වාර්තා වේ.

ඒ කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස් .බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබු අවස්ථාවේදීයි. කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරු සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන බව පවසා ඇති අතර, සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි බවද සඳහන් වේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් ඉල්ලා සිට ඇත්තේ, අදාල රථවාහන පෙළ ඡායාරූපගත කිරීම සම්බන්ධයෙන් තම සේවා දායකයා සමාව අයද සිටින බවත් සිය සේවා දායකයා ඇප මත මුදා හරින ලෙසත්ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ අතර, සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරනු ලැබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...