ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW :

මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (08) අද දින සිදුකළ සෝදිසි මෙහෙයුම් අතර තුර, ඉකුත් දා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වූ රසායන ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන්, පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවූ බව පොලීසිය කියා සිටී.

ඒ අනුව, පොලීසිය පවසන්නේ, පොලිස් ක්‍රීඩා ඇදුම්, පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග සහ පොලිස් නිල අදුමට සමාන රෙදි පීළි ‌ආයිත්තම් වැනි සැකකටයුතු දෑ එම ඉඩමේ සිදුකළ සෝදිසිකිරීම් සහ කැණීම් මගින් වළදමා තිබූ මෙම උපාංග හමුවී බවයි.

මිද්දෙණිය‌ පොලිස් ස්ථානය මෙම හමුවූ දෑ පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති අතර ඒ් සම්බන්ධ වැඩිදුර විමර්ශන ආරම්භකිරීමට නියමිත බව වාර්තා වේ.