සටහන – රුවන් නෙළුගොල්ල
අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණයට ගොස් ත්රීරෝද රථයකින් ආපසු එමින් සිටි පුද්ගලයකු ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
එම පුද්ගලයා හිටපු ක්රිකට් ක්රීඩකයකු වූ ධම්මික නිරෝෂන් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු බවත් වාර්තා විය.
