ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් දෙසට ගමන් කරනවා. මෙහෙම ගියොත් රටම ඉවරයි – හර්ෂ

Date:

සහල්, එළවළු ඇතුළු කෘෂි කාර්මික භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා ජනතාවට දැරිය නොහැකි ලෙස ජීවන වියදම දැවැන්ත ලෙස ඉහළ යමින් තිබෙන බවත් මෙම ආහාර අර්බුදය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරගත්තේ අදූරදර්ශී ලෙස කටයුතුකළ ගෝඨාභය රාජපක්ෂ රජය බවත් සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

කෘෂි කාර්මික නිෂ්පාදන වලට අමතරව අනිකුත් පාරිභෝගික භාණ්ඩවල මිලද අහස උසට වැඩිවෙමින් ඇතැයිද මෙම මිල පාලනය කිරීම සඳහා රජයට දැක්මන් නොමැති නම් මෙය ඉදිරියේදී සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නවතා තිබූ ලොරියකින් පසුගියදා අමු මිරිස් කිලෝ 10 කුයි ලොකු ළූණු කිලෝ 25 කුයි මහ දවල් හොරකම් කළා. කවදාවත් මෙහෙම දේවල් වුණේ නෑ කියලයි වෙළෙඳුන් කියන්නේ. ජනතාවට ජීවත් වෙන්න විදිහක් නෑ. ඒකයි, මේ වගේ සිදුවීම් වලින් පෙනෙන්නේ. මෙහෙම ගියොත් මේ ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්.“

“මේ කෘෂි කාර්මික අර්බුදය වංසගතය නිසා ඇතිවුණු එකක් නෙවෙයි. මේක මේ දැක්මක් නැති ආණ්ඩුව විසින්ම නිර්මාණය කර ගනිපු එකක්. එදා අපි ශක්ති සහල් වැඩසටහන ක්‍රියාත්මක කරන කොට සහල් මාෆියාවට හොඳ තරගයක් දුන්නා. ඒ නිසාම, අපිට එදා සහල් මිල පාලනය කරගන්න පුළුවන් වුණා. හැබැයි, මේ ආණ්ඩුව ආපු ගමන් ශක්ති සහල් වැඩසටහන නතර කළා. මම කිව්වා ඒ වැඩසටහන නතර කරන්න එපා කියල. අද මොකද වෙලා තියෙන්නේ? සහල් මාෆියාව තව තවත් ශක්තිමත් වෙලා තියනවා. සහල් මිල පාලනය කරගන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා.“

එසේම, රසායනික පොහොර තහනම් කිරීමෙන් සමස්ත කෘෂි කර්මාන්තයම විනාශ කර දැමීමේ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත් මෙම ආහාර අර්බුදය නිර්මාණය වූයේ එම අමනෝඥ තීන්දු නිසා බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

“තෙල් පෝර එක දවසින් නතර කළා. ඔය ගැසට් එක ගේනකොට මම මුදල් කාරක සභාවේ හිටියා. මම එදා කිව්වා ඔය වැඩේ සම්පූර්ණයෙන්ම වැරදියි කියල. ඔය ගැසට් එක පවා වැරදියි. කෘෂිකර්ම අර්බුදයට වසංගතය අදාල නෑ. ආහාර අර්බුදයට 100% වගකියන්න ඕන මේ ආණ්ඩුව. මේවා ලංකාවේ වැවෙන දේවල් නේ. “

වර්තමාන ආණ්ඩුව විසින් මෙම අර්බුදය ඉදිරියටම රැගෙන යමින් සිටින බවත් මහා පරිමාණ වී මෝල් 06 ක් ඉදිකිරීමේ යෝජනාව මගින් සහල් අර්බුදය තවත් උග්‍රවනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...