පතායා සුවඳ ගන්වන ලංකාවේ ප්‍රවීන පිහාටුමල් හැකියාවන්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW:

Amazing Thailand-Pattaya BWF World Senior Championships 2025 සඳහා මේ වන විට ලොව පුරා විසිර සිටින ප්‍රවීන බැඩිමින්ටන් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් තායිලන්තයේ පතායා වෙත පැමිණ සිටිති. තායිලන්තයට ආදායම් උපයන සංචාරකමය වශයෙන් වැදගත් විනෝදශීලී අවස්ථාවන බහුල ප්‍රදේශයක් වන පතායා මේ මොහොතේ සුවඳ ගැන්වී තිබෙන්නේ පිහාටුමල්වල ප්‍රවීනයන්ගේ පිබිදුණු දක්ෂතා සමඟය.


වෙනදාට වඩා වැඩි බලාපොරොත්තුවක් මෙවර ශ්‍රී ලංකා බැඩිමින්ටන් ප්‍රවීනයන් කෙරෙහි යොමු වී තිබීම වැදගත්ය.ඒ දක්ෂතා දැක්වීම අතින්ය.සෑම විටම පාහේ ජාතික තරගාවලි සඳහා කණිෂ්ඨ වයස් කාණ්ඩයේ කොටස් මෙන්ම ප්‍රවීනයන්ගේ වයස් කාණ්ඩ ද ඇතුළත් කරමින් පරම්පරා ගණනක බැඩිමින්ටන් සබඳතාවයන් ශක්තිමත් කිරීම සඳහා පසුගිය කාලයේ දී රොහාන් ද සිල්වා විසින් කරන ලද දායකත්වය මෙහිදී සිහිපත් කළ යුතුය.


යම් යම් කොටස්වලට වෙන් වී තිබුණු වරප්‍රසාදයක් ලෙස පැවති ජාත්‍යන්තර ප්‍රවීන බැඩිමින්ටන් පිටියට වැඩි පිරිසකට අවස්ථාව දීම මෙන්ම අලුත් පරම්පරාව දෙස වගකීමෙන් බැලීමට ප්‍රවීනයන්ගේ අවධානය යොමු කිරීමට පොහොසත් වැඩ පිළිවෙලක් ලෙස මේ වන විට ලාංකේය බැඩිමින්ටන් සමඟ ප්‍රවීන බැඩිමින්ටන් වර්ධනය වී ඇත.එසේම මෑත ඉතිහාසයේ ලංකාවේ ඉැඩිමින්ටන් ක්‍රීඩාව තුළ සූරත්වය පළ කළ නිලූක කරුණාරත්න,රේණු චන්ද්‍රිකා ද සිල්වා සහ නදීශා ගයන්ති වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සිය දක්ෂතා වයසට නොයවා ලෝකයේ අවධානයට පාත්‍ර කරමින් සිටින පව ද ප්‍රවීනයන්ගේ දක්ෂතා ලෙස අවධානය යොමු කිරීමේදී පැහැදිළි වන කරුණකි.


එසේම මෙම තරගාශ්‍රිතව දකින්නට ලැබෙන සුවිශේෂත්වය වන්නේ යුගල තරගවලදී ජාත්‍යන්තර එකමුතුවක් සැකසෙක අයුරුය.මෙවර තරගාවලිය ගත් විට ද ශ්‍රී ලංකාව හරහාම එවැනි උදාහරණ මතු කර ගන්නට හැකිය.අවුරුදු 70න් ඉහළ පිරිමි යුගල තරගයට ඉදිරිපත් වී සිටින රොහාන් ද සිල්වා තරග වඳින්නේ ප්‍රංශය නියෝජනය කරන කෙන්සන් සෙතුරාමන් සමඟය.ඔව්හූ මේ වන විට එම වයස් කාණ්ඩයේ අවසාන 16 අතර රැදී සිටිති.අවුරුදු 55 පිරිමි යුගල කාණඩයෙන් තරග වඳින ලක්ෂමන් හෝමර් සහ විනුර් ද්වී පුත්‍ර සබඳතාවයද එබදුය.හෝමර් ශ්‍රී ලංකාවේ වුව ද,පුත්‍ර නියෝජනය කරන්නේ ඉන්දුනීසියාවය.ඔවුන් දෙදෙනාද අවසාන 16 අතරට පැමිණ ඇත.
එසේම කාන්තා අවුරුදු 45 න් යුගල කාණ්ඩයේ අංක එකේ යුගලය වන්නේ ද චන්ද්‍රිකා ද සිල්වා සහ ජර්මණිය නියෝජනය කරන ක්ලෝඩියා වොගෙල්ග්සෑන්ග් ය.ඔවුන් දෙදෙනාද සිටින්නේ අවසාන 16 අතර ය.


මේ අතර ප්‍රවීන තරග අංශය නිසා ජාතික මට්ටමෙන් ක්‍රීඩා කරන අවධියේ අඩු අවධානයක් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද කාලය කළමණාකරණය කරගෙන ජාත්‍යන්තර තලයේ අවධානයට පාත්‍ර වන්නට ලැබෙන ඉඩ ද වැදගත්ය.අවුරුදු 35 න් ඉහළ පිරිමි අංශයෙන් තරග වඳින් රොෂාන් පද්ම කුමාර එවැනි ක්‍රීඩකයෙක් වන අතර ඔහුද මේ වන විට එම තරග අංශයෙන් අවසාන 16 අතරට පැමිණ සිටියි.
මේ සියල්ල අතර වැඩි අවධානයකට පාත්‍ර වී සිටින්නේ ජාතික තලයේ දක්ෂතා මතක යළි ආවර්ජනය කරන්නට හැකි තරමේ හැකියාවන් අඛණ්ඩව නඩත්තු කරමින් ප්‍රවීන තරගවල දක්ෂතා දක්වන නිලූක කරුණාරත්න,රේණු චන්ද්‍රිකා ද සිල්වා සහ නදීශා ගයන්ති ය.එසේම එම දක්ෂයන්ගේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය වගේම, ලංකාවේ වැඩි ප්‍රවීනයන් පිරිසකගේ අවධානයට සහ සහභාගීත්වයට ජාත්‍යන්තර ප්‍රවින බැඩිම්න්ටන් ක්‍රීඩා පිටිය තුළ ඉඩ සකස් කළ රොහාන් ද සිල්වා ද අවසන් 16 අතර රැදී සිටීම සැළකිල්ලට ගෙන මෙහි ප්‍රධාන ඡායාරූපය සකසද්දි නිලූක,රේණු චන්ද්‍රිකා සහ නදීශා ද ඊට ඇතුළත් කරන්නට තීරණය කළේය.
එසේම අවුරුදු 65 ට වැඩි කාණ්ඩයේ කාන්තා අංශය නියෝජනය කරමින් ලක්ෂ්මි පුංචිහේවා ද අවසාන 16 දක්වා පැමිණ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද...

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරීන් හමු වූ ජනපති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW : අද (11) දින...

විජේරාමේ අද මොකද වුණේ? (PHOTOS)

කොළඹ LNW: “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව...

මහින්ද විජේරාමෙන් පිටවෙයි! (PHOTOS)

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල...