චමරිගේ බල ඇණිය නම් කෙරේ

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW:

කාන්තා ලෝක කුසලානය සඳහා නම් කරන ලද කණ්ඩායම,ශ්‍රි ලංකා ක්‍රිකට් වෙතින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.එම කණ්ඩායම සඳහා මෑත කාලයේ අත්හදා බැලූ අවුරුදු 19 න් පහළ කණ්ඩායම් නායිකාව මනුදි නානායක්කාර වැනි ක්‍රීඩිකාවන් මෙන්ම ශෂිනි ගිම්හානි වැනි ක්‍රීඩිකාවන් ද ඇතුළත්ව නැහැ.තරුණ නව ක්‍රීඩිකාවන් හැටියට කණ්ඩායමට කැඳවා ඇත්තේ දෙව්මි විහංඟා සහ ඉමේෂා දුලානි යි.


ඉකුත් සංචාරයේදී කණ්ඩායමෙන් පිටිත රඳවා සිටි උදේශිකා ප්‍රබෝධනී නැවත කණ්ඩායමට කැඳවා තිබෙනවා.දේශිය විස්සයි විස්ස පිටියේ පැවති තරගවලදී නැවත සුපුරුදු දක්ෂතා අතරට පිවිසි ඉනෝකා රණවීර කණ්ඩායම තුළ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව වෙනවා.කණ්ඩායමේ උප නායිකාව ලෙස නායිකා චමරි අතපත්තුගේ සම වයස් අනුෂ්කා සංජීවනීවම නම් කර තිබෙන අතර නව නායකත්වයක් පුහුණු කිරීම සඳහා කාන්තා කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම හෝ කවීශා දිල්හාරි සළකා බැලීම සම්බන්ධයෙන් වන කථිකාව තේරුම් කමිටුව සැළකිල්ලට ගෙන නැහැ.
චමරි හැරෙන්නට කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස කවීශා කණ්ඩායමට පැමිණ තිබීම මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව පැත්තෙන් යහපත් තත්ත්වයක්.එසේම දේශිය තරග පිටියේ දි පිතිකරණයේදී අසාර්ථක වුව ද,තුන් ඉරියව් දක්ෂතා ඇති දෙව්මි විහංඟා ද මේ තරගාවලිය තුළ පිතිකරණයෙන් දක්වන පසුබැම ඉවත් කර ගන්නේනම් ඇය තරග ජය්‍රහණය කළ හැකි ප්‍රහාරිකාවක්.


ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ තරගාවලිය පැවත්වෙන බැවින් වැඩි විශ්වාසය දඟ පන්දු යවන්නියන් කෙරෙහි යොමු කර ඇතත්,අත්දැකීම් සහිත උදේශිකා මෙන්ම නව වේගය මධාරා ද සිටින්නේ කුමන තණතීරුවක වුව ද,සිය වේගය උපායශීලීව භාවිතයට ගැනිය හැකි තැනෙක වීම වැදගත්.ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම ලෙස අන් සෑම කණ්ඩායමක්ම ශ්‍රී ලංකාව දෙස බලන නිසා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පිතිකරු බල ඇණිය ගැන සැළකිග්ග යොමු කරන බව විශ්වාසයි.මීට කාලයකට පෙර චමරි ගැන පමණක් අවධානයෙන් සිටි කණ්ඩායම්වලට ඊටත් වඩා අවධානය යොමු කළ යුතු දවා ගැනීමට අපහසු ක්‍රීඩිකාවක් හැටියට හර්ෂිතා සමරවික්‍රම දෙස බගන්නට සිඳු වී තිබෙනවා.


එසේම කවීශා දිල්හාරි,නිලක්ෂිකා ද සිල්වා,හසිනි පෙරේරා මෙන්ම විශ්මි ගුණරත්න ද ප්‍රවේශම් විය යුතු පිතිකාරිණියන් හැටියට ප්‍රතිවාදීන් හඳුනාගෙන සිටිනවා.අත්දැකීම් ඇති ඉනෝකා සමඟ සුගන්ධිකා,දෙව්මි මෙන්ම කවීශා සහ චමරි ද තර්ජනයක් ඇති කළ හැකි දඟ පන්දු යවන්නියන් බැවින් සෙසු කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව ඉදරියේ පන්දුවට පහර දීමේදී ද විශාල අභියෝගයක් ඇති කරනවා.
පහතින් දැක්වෙන්නේ තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
1) චමරි අතපත්ත – නායිකාව
2) හසිනි පෙරේරා
3) විශ්මි ගුණරත්න
4.) හර්ෂිතා සමරවික්‍රම
5.) කවිෂා දිල්හාරි
6.) නිලක්ෂි ද සිල්වා
7.) අනුෂ්කා සංජීවනී – උප නායක
8.) ඉමේෂා දුලානි
9.) දෙව්මි විහඟා
10.) පියුමි වත්සලා
11.) ඉනෝකා රණවීර
12.) සුගන්ධිකා කුමාරි
13.) උදේශිකා ප්‍රබෝධනී
14.) මල්කි මධාරා
15.) අචිනි කුලසූරිය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද...

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරීන් හමු වූ ජනපති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW : අද (11) දින...

විජේරාමේ අද මොකද වුණේ? (PHOTOS)

කොළඹ LNW: “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව...

මහින්ද විජේරාමෙන් පිටවෙයි! (PHOTOS)

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල...