පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂ නායක යළි විවාදයක් ඉල්ලයි!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංගය ගැන කථානායකවරයා ලබා දුන් තීන්දුව ගැන කරුණු ඉදිරිපත් කිරීමට ඇති බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) වගන්තියට අනුව පැහැදිලිවම ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාවලියේ දී නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන බවත් අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා විධායකයේ කොටසක් බවත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විටත් කැබිනට් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා උත්තර දෙන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) සහ 46 (3) වගන්ති අනුව පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය ගැන ඇති බවත් හෙතෙම පැවසීය.

පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යථාර්ථය මේ රටේ සුවහසක් ජනතාව කතෝලික ජනතාව වින්දිතයන් අපේක්ෂාවෙන් සිටින හෙයින් එම ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් හෝ මෙවැනි විවාදයක් කිරිමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ඉල්ලසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...

කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ විකිණු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන...

තංගලු ගිය මහින්දට කොළඹින් සුපිරි නිවාස දෙකක් ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දහවල් තමන්...

නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද...