අර්ධ අවසන් තරග හතක ශ්‍රි ලංකා නියෝජනය – චන්ද්‍රිකා හතෙන් තුනකම

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 12, කොළඹ LNW:

තායිලන්තයේ පතායා හී පැවත්වෙන Amazing Thailand-Pattaya BWF World Senior Championships 2025 නියෝජනය කරන ශ්‍රී ලංකා බැඩිමින්ටන් ප්‍රවීනයන් එහි අර්ධ අවසන් පූර්ව තරග හතක්ම නියෝජනයට සුදුසුකම් ලබා සිටිනවා.


ඒ අතරින් චන්ද්‍රිකා ද සිල්වා ත්‍රිත්ව සූරතා උත්සාහයක නියැලෙනවා.ඒ අවුරුදු 50 ඉහළ කාන්තා කේවල සහ මිශ්‍ර යුගල අංශයෙන් මෙන්ම අවුරුදු 45 ඉහළ කාන්තා යුගල අංශයෙන් අර්ධ අවසන් බූර්ව වටයට පිවිසෙමින්.ඇය මිශ්‍ර යුගල 50 වැඩි තරගයේදී තරග වදින්නේ ඉන්දුනීසියාවේ රුඩියන්ටෝ සෙන්ග් සමඟ එක්වයි.45 ට වැඩි කාන්තා යුගල තරගයේදී චන්ද්‍රිකාගේ සහයිකාව වන්නේ ජර්මණියේ ක්ලෝඩියා වොගෙල්ග්සැන්ග් ය.


නිලූක කරුණාරත්න ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂීම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස අතීතය නැවත සිහියට කැඳවමින් අවුරුදු 35 න් ඉහළ තරග අංශයේ අර්ධ අවසන් තරගයට පිවිස සිටින අතර එම වයස් කාණ්ඩයෙන් තරග වඳින රොෂාන් පද්මකුමාර ද අර්ධ අවසන් පූර්ව වටයට පිවිස තිබෙනවා.
නදීශා ගයන්ති ද ඉන්දුනීසියාවේ උනෑන්ග් රහ්මට් සමඟ එක්ව අවුරුදු 40 ට ඉහළ මිශ්‍ර යුගල අංශයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිස තිබෙන අතර අවුරුදු 50 න් ඉහළ පිරිමි යුගල තරගයේදී ලක්ෂ්මන් හෝමර් අර්ධ අවසන් පූර්ව වටයට පිවිස සිටින්නේ ද ඉන්දුනීසියානු සහයෙකු වන විනුර් ද්වී පුත්‍රා සමඟය.


අති විශාල පිරිසක් මෙම ප්‍රවින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී සිටින අතර ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාවේ ප්‍රවීනයන් ඒ තුළ අඛන්ඩව රඳවා ගැනීමට හැකි පරිදි ප්‍රවීනයන්ගේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට මෙන්ම ලංකාවේ වර්ථමාන බැඩිමින්ටන් ක්‍රීඩාවේ ප්‍රගතියට ද දායක වූ රොහාන් ද සිල්වා මෙම තරගාවලියට ද සහභාගි වෙමින්,ක්‍රීඩා කරමින් සිය බැඩිමින්ටන් ප්‍රේමය අඛණ්ඩව පවත්වා ගෙන යාම සතුටුදායක තත්ත්වයකි.එමෙන්ම ශක්තියකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...