2021 සිට 2025 දක්වා හිටපු ජනාධිපතිවරුන්ව රජයෙන් බලාගත්ත බලාගැනිල්ල මෙන්න!

Date:

කොළඹ LNW: විශ්‍රාමික ජනාධිපතිවරු සහ වැන්දඹූ භාර්යාවන් සඳහා 2021 වසරේ සිට 2025 වසර දක්වා රජය විසින් දරන ලද වියදම් වාර්තාවක් එළිදක්වා තිබේ.

ඒ අනුව 2021 වසරේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවෙන් වියදම් ලෙස රුපියල් හතලිස් එක්ලක්ෂ හැටහයදහස් තිස්තුනක මුදලක්ද, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් එක්කෝටි හැටහත් ලක්ෂ පනස් අටදහස් අටසිය තිස් හතරක මුදලක්ද හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් රුපියල් විසිහතර ලක්ෂ අනු එක්දහස් දෙසිය හතලිස් පහක මුදලක්ද වැයවී ඇත.

2022 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් හාරකෝටී විසි හත්ලක්ෂ හැට හතරදහස් අටසිය පනස් නවයක මුදලක්, මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රුපියල් එක්කෝටි අසූ අටලක්ෂ අනූ නවදහස් දෙසිය දහනවයක මුදලක්, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් හැට හත් ලක්ෂ අනූ එක් දහස් නවසිය හතලිස් හතක මුදලක් වැයවී ඇති අතර 2023 වසරේදී එම පිරිස සඳහා පිළිවෙළින් රුපියල් එක්කෝටී අසූලක්ෂ හැටපන්දහස් නවසිය හැත්තෑදෙකක්, රුපියල් දෙකෝටි අසූ එක්ලක්ෂ විසිදහස් දොලහක්, රුපියල් දෙකෝටි විසි පන්ලක්ෂ හැටපන්දහස් පන්සිය දහනවයක්, රුපියල් එක්කෝටි අසූ නව ලක්ෂ හැත්තෑදහස් විසි නවයක් සහ රුපියල් අසූ ලක්ෂ අසූ හත්දහස් හැට දෙක් ලෙස රජය වැය බරක් දර ඇති බවයි දැක්වෙන්නේ.

2024 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් හයකෝටි දහසය ලක්ෂ හැටහතර දහස් නවසිය තිස් හයක මුදලයක්, මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රුපියල් එක්කෝටි අසූ පන්ලක්ෂ හැටනවදහස් හාරසිය දහ අටක මුදලක් මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විසි පන්ලක්ෂ තිස් දහස් හාරසිය පනස් හතක මුදලක් වැය වී තිබේ.

2025 වසරේ ජනවාරි පළමුවැනිදා සිට ජුනි 30වනදා දක්වා කාලය තුළ එම වියදම් ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහතා වෙනුවෙන් රුපියල් දොලොස් ලක්ෂ දහනවදහස් හයසිය පනස් පහක්, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් පනස් නව ලක්ෂ අනූ නව දහස් තුන්සිය අටක්, මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රුපියල් හතලිස් නව ලක්ෂ හයදහස් අටසිය තිස්තුනක්, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් හතලිස් එක්ලක්ෂ පනස් තුන්දහස් නවසිය අසූ හතක්, රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් රුපියල් එක්කෝටි පනස් නව ලක්ෂ අසූඑක්දහස් අටසිය හැට දෙකක් සහ හේමා ප්‍රේමදාස මහත්මිය රුපියල් හත්ලක්ෂ හතලිස් එක්දහස් අටසිය දහයක් ලෙස වැයවී ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසේ අලුත්වැඩියා සඳහා 2021 වසරේ සිට 2023 දක්වා කාලය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් රුපියල් හතලිස් හත්කෝටි විසි පන්ලක්ෂ විසි නව දහස් හැත්තෑ තුනක් මුදලක් වැය කර ඇති අතර
2023 වසරේදී එම නිල නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා ජනාධිපති කාර්යාලය දරා ඇති වියදම රුපියල් තුන්කෝටි හැත්තෑ පන් ලක්ෂ හැට එක්දහස් එකසිය හැට පහකි.

ඒ අනුව එම කාල සීමාව තුළ පමණක් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ අලුත්වැඩියා සඳහා දරා ඇති මුලු වියදම රු.පනස් එක්කෝටි අනූ දහස් දෙසිය තිස් අටක් බව වාර්තා වේ.

කෙසේවෙතත් මේ වන විට විශ්‍රාමික ජනාධිපතිවරුන් සතු වූ හිමිකම් නීත්‍යානුකූලවම ඉවත් කර ඇති අතර ඊට අදාළ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ වැඩි ජන්ද 150කින් සම්මත වී තිබේ.

ඒ සමඟම විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙත ලබා දී තිබූ වරදාන, වරප්‍රසාද ඉවත් කර ඇති අතර මෙතෙක් ඔවුන් ජීවත් වූ නිල නිවෙස් වෙතින් ඉවත් වීමද දැන් සිදුවෙමින් පවතියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කට්ටිය ජපානයේ සිට ලෝකය දිනන සටනට සූදානම් වන අයුරු

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ලෝකයේම අවධානය මේ මොහොතේදී ජපානය වෙත...

රත්නපුරෙන් බිහි වූ වේගයන් අලුත් වේගය සොයන්නට රත්නපුරයට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයේ අවුරුදු 17 – 25...

දුමිදු කොස්ටාරාකවේදිත් – රනිත්මා බෙල්ජයමේදීත් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ජාත්‍යන්තර බැඩිමින්ටන් පිටියේ මේ වන විට...