ඉතිහාසය වෙනස් කරන්න බැහැ. මහින්දලා පෙන්නලා ඒගොල්ලෝම තමයි මිනිස්සු ඇන්දුවේ.දැන් ඔය කුඩු ගෙනත් තියෙන්නෙත් ඒ යාළුවෝ – මුජිබර්

Date:

කොළඹ LNW:රට තුළට කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ගෙන්වීම පසුපස දේශපාලකයින් සිටින බවට චෝදනා කරනවා සේම ඔවුන් කවුරුන්ද යන්න වහා ප්‍රකාශ කරන ලෙස ආණ්ඩුවට මෙන්ම පොලිස්පතිවරයාට ද පවසන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

එවැනි දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂලා සමඟ දේශපාලනය කළේ අපි නොව ජනතා විමුක්ති පෙරමුණ වන හෙයින් ඔවුන්ටද මේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වගකීමක් ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඉතිහාසය වෙනස් කළ නොහැකි බවත් මහින්ද රාජපක්ෂලා පෙන්වා ජනතාව ඇන්දුවේ ජනතා විමුක්ති පෙරමුණ බවත් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

”දැන් පොහොට්ටුව කියන්නේ කවුද? ඒගොල්ලෝ කලින් එකට දේශපාලනය කරපු කට්ටිය. අපිද දේශපාලනය කළේ පොහොට්ටුවත් එක්ක. මහින්ද රාජපක්ෂ එක්ක එකට වාඩි වෙලා මහින්ද රාජපක්ෂ දිනවන්න වැඩකළේ ඒගොල්ලෝ. නාමල් රාජපක්ෂට කතා කරන හැටි ඉගැන්නුවේ ඒගොල්ලෝ. බැසිල් රාජපක්ෂ එක්ක එකට එකතු වෙලා මහින්ද චින්තනය ලිව්වේ ඒගොල්ලෝ අරලියගහ මන්දිරයේ ඉඳන්. මම ඕනේ නම් කියන්නම් ලියපු කට්ටියත් කවුද කියල. ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා කොටි මරන්නේ කොහොමද කියල ප්ලෑන් හැදුවේ ඒගොල්ලෝ. මේ අපි නෙවෙයි. ඒගොල්ලන්ගේ යාලුවෝ තමයි දැන් මේ කුඩු ගෙන්වලා තියෙන්නේ. අපේ යාළුවො නෙවෙයි. ඒකෙ වගකීමක් එගොල්ලන්ටත් තියෙනවා. ඒ වගකීමෙන් ගැලවෙන්න බැහැ. මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙලා දේශපාලනය කරලා මහින්ද රාජපක්ෂ ගැන මේ රටේ ලොකු මතයක් ඒගොල්ලෝ හදල, වේදිකාවක් ගානේ ගිහිල්ලා, චන්ද්‍රිකා නෝනත් එක්ක පරිවාස ආණ්ඩු හදල, ඒගොල්ලෝ ඔක්කොම යාළුවො. ඒ යාළුකම ඇවිල්ලා අන්තිමට මොන මොනවා හරි බෙදාගන්න බැරිව තරහවෙලා ආවා. අපි දන්නේ නැහැ බෙදාගන්න බැරි වුණේ මොනවද කියල. නමුත් ඔක්කොම එකට හිටියේ. අයියා කියල කතා කළේ. නාමල් රාජපක්ෂට මල්ලි. බැසිල් රාජපක්ෂටත් අයියා. ගෝඨාභය රාජපක්ෂටත් අයියා. එහෙම හිටියේ. ඒවා මේ අපේ පැතිවලට දාන්න අවශ්‍ය නැහැ. අපි රාජපක්ෂලා එක්ක දේශපාලනය කරලත් නෑ. අපි ජන්දේ දීලත් නෑ. ඒගොල්ලෝ ජන්දේ දීපු මිනිස්සු. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය ඇති කරන්න ජනතා විමුක්ති පෙරමුණ දායකත්වය දුන්න අය. ඒ ඉතිහාසය වෙනස් කරන්න බැහැ. මේ රටේ මිනිස්සු ඒගොල්ලෝ ඇන්දුවා මහින්දලව පෙන්නලා. ඒගොල්ලෝ තමයි මේ පවුල් පාලනේ රටේ ඇතිකළේ.” යනුවෙන් රහුමාන් මහතා පැවසීය.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (12) කොළඹදී පැවති සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha ශ්‍රී ලංකාවට දුන් සහතිකය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථිකය...

අපේ කට්ටිය ජපානයේ සිට ලෝකය දිනන සටනට සූදානම් වන අයුරු

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ලෝකයේම අවධානය මේ මොහොතේදී ජපානය වෙත...

රත්නපුරෙන් බිහි වූ වේගයන් අලුත් වේගය සොයන්නට රත්නපුරයට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයේ අවුරුදු 17 – 25...