යුද්ධය නිසා අපි තෙල් දෙන්නේ නෑ හොඳේ! – යුක්රේනය

Date:

යුක්රේනය තුළ මතුව ඇති යුධමය වාතාවරණය හේතුකොට ගෙන එරට නිශ්පාදනය කරන ගෑස්, ගල් අඟුරු සහ දැවිතෙල් වෙනත් රටවලට අපනයනය කිරීම අත්හිටුවීමට එරට රජය තීරණය කර තිබේ.

යුක්රේනයේ කිව් අගනුවර රජය විසින් ඊයේ (13) දින සම්මත කර ගත් යෝජනාවකට අනුව, සියලු ගෑස්, ගල් අඟුරු සහ දැවිතෙල් අපනයන අත්හිටුවා දමන බවට නිවේදනය කර තිබේ.

රුසියාව විසින් යුක්රේනයට එරෙහිව දියත් කර තිබෙන සන්නද්ධ මෙහෙයුම සහ යුක්රේනය තුළ මේ වන විට පනවා තිබෙන හදිසි නීති තත්ත්වය තුළ ඉන්ධන ඇතුළු ද්‍රව්‍ය ලැයිස්තුවක්ම මෙසේ අපනයනය කිරීම අත්හිටුවා දැමීමට එරට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේන – රුසියානු යුද්ධය ලෝකයේ මතුව තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදයට විශාල බලපෑමක් සිදුකරමින් තිබෙන අතර, ක්‍රමක්‍රමයෙන් උත්සන්න වන ආහාර අර්බුදයට ද මෙය හේතුවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශ කර ඇත.

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ද මේ වන විට ඉතා ඉහළ අගයක පවතී.

මෙම තත්ත්වය තුළ අභ්‍යන්තර ආර්ථික අර්බුද වලට මුහුණ පා ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට අත්වන ඉරණම කෙබඳුද යන්න ඔබ විසින් ම සිතාගත යුතු ය.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...