මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් බලහත්කාරයෙන් යොදවා සිටින බවට තොරතුරු!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW :

සංචාරක වීසා මත රැකියා සඳහා ගිය තවත් ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් යොදවා සිටින බවට තොරතුරු ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මියන්මාරයේ තායිලන්ත දේශසීමාවේ පිහිටා ඇති එම ප්‍රදේශය ගූගල් සිතියමේ හදුන්වා ඇත්තේ සයිබර් ක්‍රිමිනල් ඒරියා හෙවත් සයිබර් අපරාධ ප්‍රදේශය ලෙසය. මියන්මාරයේ මියාවෙඩ්ඩි නගරයේ සිට කිලෝ මීටර් 25 ක් දුරින් පිහිටා ඇති එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම පවතින්නේ ත්‍රස්ත කණ්ඩාමක් ග්‍රහණයේ ය.

කළකට ඉහතදීද, එම ප්‍රදේශයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දැඩි පරිශ්‍රමයක් යොදා බේරා ගනු ලබූ අතර, පරිගනක ක්ෂේත්‍රයේ රැකියා ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් එලෙස විදෙස් ගතවී ඇත්තේ, සංචාරක වීසා මගින් බව වැඩිදුරටත් වාර්තා වේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...

සුජීවගේ තුන්වෙනි කවි පොතත් එළිදකියි! (PHOTOS)

කොළඹ LNW:ජනප්‍රිය උසස් පෙළ සිංහල ආචාර්ය සුජීව සිරිමෙවන් මහතාගේ...

අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”

සැප්තැම්බර් 13, කොළඹ (LNW): ඇය වූයේ උදාහරණයක්.අහිංසක සිහිනවලින් ගොඩනගාගත් සරල...