IMF ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha ශ්‍රී ලංකාවට දුන් සහතිකය!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යන බවත්, ශ්‍රී ලංකාව නිවැරදි මාවතට එමින් තිබෙන බවත්, ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම සිදුකළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha Woldemichael සඳහන් කළාය.

ඊයේ (12) දින, තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ  කොළඹදී පැවැත් වුණු අතර, එහි ප්‍රධාන දේශනය සිදුකරමින්  Martha Woldemichael මහත්මිය මේ බව සඳහන් කළාය.

මෙහිදි  ශ්‍රී ලංකාවේ කාළාපීය වශයෙන් තේ කර්මාන්තශාලා ඇගයීමක් ද සිදු කෙරිණි. මෙම වැඩසටහන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණු අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තේ අපනයන මණ්ඩලයේ සභාපති, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති සහ තේ අපනයනයකරුවන් හා නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...