පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡාවක්වත් නෑ – ගම්මන්පිල

0
231

පළාත් සභා පිළිබඳව හෝ පළාත් සභා මැතිවරණය පිළිබඳව හෝ මේ වනවිට ආණ්ඩුව තුළ කිසිදු සාකච්ඡාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසනවා. මැතිවරණ පැවැත්වීමට වඩා අවධානය යොමුකළ යුතු ක්ෂේත්‍ර රැසක් රටතුළ තිබෙන බවයි ඔහු පවසන්නේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට කිසිදු රටකින් ආණ්ඩුවට බලපෑම් එල්ල වී නොමැති බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර මැතිවරණ නීති සංශෝධනය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා සඳහන් කර තිබුණේ පවතින නීති යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි. මැතිවරණය පැවැත්වීමට නම් නව පනතක් සකස් කර සම්මත කරගත යුතු බවද ඇමතිවරයා පවසා තිබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here