ඖෂධ හිඟය : පොළඟෙකු දෂ්ට කිරීමෙන් සිසුවෙකු මරුට. ප්‍රවේශම් වන්න (VIDEO)

සර්ප දෂ්ටනයකදී ලබාදෙන ඖෂධ නොමැති වීමෙන් සිසුවෙකු මරුමුවට පත්වීමේ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මෙම සිසුවා පසුගිය 07 වනදා සිය නිවස ඉදිරිපිට ක්‍රීඩා කරමින් සිටියදී පොළඟෙකුගේ දෂ්ටනයකට ලක්ව ඇති අතර ඔහුව කඩිනමින් අනුරාධපුර රෝහලට ඇතුළත් කළත් ඔහුට ලබාදීමට අවශ්‍ය ඖෂධ එම රෝහල සතුව නොතිබුණු බවයි ඔහුගේ පියා පවසන්නේ.

ඒ අනුව එක් එන්නතක් රෝහලෙන් ලබාදී ඇති අතර සෙසු ඖෂධ පෞද්ගලික ඔසුසලකින් රැගෙන එන ලෙස ලියා දුන්න ද ඒ කිසිදු ඖෂධයක් අනුරාධපුර නගරයේ කිසිදු ඔසුසැලක නොතිබුණු බවත් දරුවාගේ පියා ප්‍රකාශ කරයි.

පසුගිය 08 වනදා මේ සිසුවා මරණයට පත්ව ඇත.

මෙම අවාසනාවන්ත තත්වය සම්බන්ධයෙන් අපත් දැඩි ලෙස කම්පා වන අතර සර්ප දෂ්ටනවලින් සහ සුනඛයින් ඇතුළු වෙනත් සතුන්ගේ සපාකෑම්වලින් හැකි උපරිමයෙන් ප්‍රවේශම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...