රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW :
ඉදිරියේ දී මෙරට ජනතාවට එල්ළවන සෞඛ්‍ය අභියෝග ජයග්‍රහණය කිරීම සදහා වර්තමානයේ ඊට අවශ්‍ය පදනම සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය කළයුතු බවත්, ඊට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කර සිටියේ ජාත්‍යන්තර භෞත චිකිත්සක දිනය වෙනුවෙන් පසුගිය දා මෙරට පැවැත්වූ ජාතික වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ය. රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමය සහ College Of Physiotherapy (භෞත චිකිත්සක විද්‍යායතනය) එක්ව සංවිධානය කළ මෙම උත්සවය පසුගිය දා ශ්‍රී ලංකා ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ජාත්‍යන්තර භෞත චිකිත්සක දිනය සෑම වර්ෂයකම සැප්තැම්බර් මස 08 වෙනි දිනට යෙදී ඇති අතර මෙවර ජාත්‍යන්තර භෞත චිකිත්සක දිනයේ තේමාව “නීරෝගීමත් වැඩිහිටි පරම්පරාවක්” යන්නයි.සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ඇති පළමු අභියෝගය ඉදිරියේ දී 25% ක්වන වැඩිහිටි ජනගහණය බවත්, වැඩිහිටියන් රැකබලා ගැනීම රජයේ වගකීමක් හැටියට භාරගත යුතු බවත්, එයට විකල්ප යෝජනා කිරීම නිෂ්ඵල බවත්, ඊට අවශ්‍ය සූදානම කළයුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
දෙවන අභියෝගය වශයෙන් බෝනොවන රෝග හදුන්වා දිය හැකි බව සදහන් කළ අමාත්‍යවරයා අප කවුරුත් පරීක්ෂාණවලට යොමුවුව හොත් දියවැඩියාව, අධික රුධිරපීඩනය ඇතුළු බෝනොවන රෝගයන්ට ගොදුරු වී ඇති බව ද අවධාරණය කර සිටියේ ය.බෝනොවන රෝගවලට ගොදුරුවන පිරිසෙන් පරීක්ෂණ සදහා යොමුවන්නේ ඉතා සිමීත පිරිසක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා පරීක්ෂණවලට යොමුවූවත් ප්‍රතිකාර සදහා යොමුවන්නේ ඉතාම අඩුවෙන් බව ද පැවසී ය. එයිනුත් ප්‍රතිකාර අඛණ්ඩව ගනු ලබන්නේ ඉතාමත්ම අඩු පිරිසක් බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.
මෙම අභියෝග ද්විත්වය ප්‍රධානතම අභියෝග ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හදුනාගෙන ඇති බවත්, තුන්වන කරුණ ලෙස මානසික සෞඛ්‍යත්, හතරවන කරුණ ලෙස පෝෂණය පිළිබඳ ගැටළුවක් හදුනාගෙන ඇති බව ද පැවසී ය. මෙම කරුණු හතර ජයග්‍රහණය කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන්, ව්‍යාපෘති සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මෙහෙයවීමට බලාපොරොත්තු වන බවත් සදහන් කර සිටියේ ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ඉදිරි ඉලක්කය වනුයේ විශ්ව සෞඛ්‍ය දර්ශකයේ මේ වන විට ශ්‍රී ලංකාව සිටින ස්ථානයෙන් තවදුරටත් ඉදිරි මට්ටමට පැමිණීම බවත්, මේ වන විට ශ්‍රී ලංකාව 67 මට්ටමේ සිටින බව ද අමාත්‍යවරයා සිහිපත් කර සිටියේ ය. ප්‍රාථමික සෞඛ්‍ය වෙනුවෙන් ජනතාවට සමීපව සහ පහසු ප්‍රවේශයක් සහිතව ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සදහා ස්ථානයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වන බව පෙන්වා මෙහි දී දුන් අමාත්‍යවරයා ඒ යටතේ ජනගහණය 8000-10000 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය වන බවත් එය සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථානයක් ලෙස නම්කර ඇති බව ද වැඩිදුරටත් පැවසී ය.
මෙහි දී භෞත චිකිත්සක ප්‍රතිකාර සදහා නව නිපැයුම් සිදුකරන භෞත චිකිත්සක සමීර චන්දිමාල් පොන්සුගේ සහ විශේෂ ශ්‍රේණියේ භෞත චිකිත්සක නිලධාරිනියන් වන ශානිකා සෝමවීර, අරෝෂා ජයවර්ධන යන මහත්ම,මහත්මීන් විශේෂ ඇගයීමකට ද ලක් කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉරංග අලුත්ගේ, ලේකම් ඉන්දික අධිකාරි, භාන්ඩාගාරික පැතුම් රත්නායක, College Of Physiotherapy සභාපති ජාලිය උඩුවැල්ල යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්,භෞත චිකිත්සකවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.