අල්ලස් කොමිසමේ සිටින පොලිස් නිලධාරීන් නීතිවිරෝධීයි, මේක අභියෝගයට ලක්වෙන්න පුළුවන් – DG

Date:

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වූ නව නීති අනුව 2023 සැප්තැම්බර් 15 වනදා සිට ඊට නව කාර්ය මණ්ඩලයක් පත්කළ යුතුව ඇතත් එය මෙතෙක් පත්කර නොමැති බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.

“තව විශාල බාධාවක් ඇතිවෙලා තියෙනවා. 2023 සැප්තැම්බර් මාසෙ 15 ඉඳන් අද වෙනකල් මේ කොමිෂන් සභාවටම ආවේණික කාර්ය මණ්ඩලයක් හදන්න ඕනෙ 26/1 වගන්තිය යටතේ, ඒ කාර්ය මණ්ඩලය හදලා නැහැ. ඒ කාර්ය මණ්ඩලය හදන්න බැරිවෙලා තියෙන්නෙ ඒ කාර්ය මණ්ඩලයට වන පාරිශ්‍රමිකයින් පාර්ලිමේන්තුව විසින් තීරණය කළයුතු බව සඳහන් කර තිබෙනවා, දැන් මේකෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතත් එක්ක ගැටීමක් ඇතිවෙලා. ක්‍රියාත්මක වන කාලය, මේ පනත සම්මත වීමත් එක්ක එවකට ගරු අධිකරණ අමාත්‍යවරයා, විජේදාස රාජපක්ෂ මැතිතුමා සැප්තැම්බර් 15 ක්‍රියාත්මක වන දිනය විදියට ගැසට් කරලා තියෙනවා. එතකොට වෙන්නේ අර පරණ කොමිසම සම්පූර්ණයෙන් නැතිවෙලා අලුත් කොමිසමක් තියෙන්නෙ. ඒ අලුත් කොමිසමට ඉන්න ඕනෙ සේවකයින් 26 වගන්තිය යටතේ පත්කර ගන්න ඕනෙ. දැන් වෙලා තියෙන්නෙ එහෙම පත්වුණේ නැති නිසා අර කලින් හිටපු අය එහෙමම රාජකාරි කරමින් ගියා. කොමිෂන් සභාවටම බඳවාගත්ත 63 දෙනෙක් ඉන්නවා. ඔවුන් 63 දෙනාට දීලා තියෙන්නෙ පනතෙන්, ඔවුන් කැමති නම් කොමිෂන් සභාවට එන්න පුළුවන්, එහෙම නැතිනම් VRS එකකින් ඔවුන්ට යන්න පුළුවන්. ඒ කියන්නෙ සැප්තැම්බර් 15 මේ කොමිෂන් සභාවෙ ඉඳපු රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් යැව්වා නම් මේකෙ ඉතුරු වෙන්නෙ 63 දෙනායි. මේ ක්‍රියාත්මක වෙන ක්‍රියා පටිපාටිය, මම දන්නෙ නෑ මෙය යම්කිසි වෙලාවක අභියෝගයට ලක්වෙයිද කියලා. මොකද, පොලිස් නිලධාරීන් අනිවාර්යයෙන්ම මේක ඇතුළෙ ඉන්න බැහැ. රාජ්‍ය නිලධාරීනුත් ඉන්න බැහැ. මා විශාල අපහසුතාවයක ඉන්නවා ගරු සභාපතිතුමනි, මොකද ඒක නීතිවිරෝධීයි”

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා මේ බව පැවසුවේ එම කොමිසම පසුගිය සතියේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...