ජපානයේ දී ලෝකය දිනපු වේග රජු සහ රැජිණ ලොව හොඳම දහය අතරට

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 15, කොළඹ LNW:

ලොව වේගවත්ම මිනිසා සහ කාන්තාව ලෙස ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී අභිෂේක ලබන්නට පිළිවෙලින් ජැමෙයිකාවේ ඔබ්ලික් සෙවිලි සහ ඇමෙරිකාවේ මෙලීශා ජෙෆර්සන් වෝඩ්න් සමත් වුණා.ඔබ්ලික් සෙවිලි වාර්තා කරන ලද තත්පර 9.77 ක කාලය එදා මෙදා තුර පිරිමි මීටර් සියය වෙනුවෙන් වාර්තා වුණ හොඳම 10 වන කාලය වෙනවා.එසේම මෙලීශා වාර්තා කළ කාලය වූ තත්පර 10.61එදා මෙදා තුර කාන්තා මීටර් 100 වෙනුවෙන් වාර්තා වූ ලොව සිව්වන හොඳම කාලය හැටියට ද සටහන් වෙනවා.


මෙලීශා මෙම ඉසව්වේ රන් පදක්කමට මෑත කාලයේ ඉව අල්ලමින් සිටි ප්‍රධාන ක්‍රීඩිකාවක් වුණා.ඇය අගෝස්තු 25 වන දා පෝලන්තයේ දී ඩයමන්ඩ් ලීග් තරගයකදී සිය හොඳම කාලය ලෙස තත්පර 10.66 ක් වාර්තා කරමින් ලෝකයේම අවධානය දිනා ගත්තා.ඇය ජපානයේ මීටර් 100 ඉසව්වේ ආරම්භයේ රැදී සිටියේ මීටර් 100 ඉසව්ව වෙනුවෙන් ලොව හොඳම කාලයන් වාර්තා කළ ක්‍රීඩිකාවන් පෙළ ගැස්සීමේදී හොඳම 10 දෙනා අතර සිටින ක්‍රීඩිකාවන් ගොන්නක් සමඟයි.ශෙලි ඈන් ප්‍රෙෂර්,ෂෙරිකා ජැක්සන්,ෂා කැරී රිජඩ්සන්,මාරි ජෝෂෙ තලොව් සහ ජුලියන් ඇල්ෆ්‍රඩ් ඇය සමඟ එක පෙළට සිටගෙන සිටියා.


ඒ අතරින් ජුලියන් ඇල්ෆ්‍රඩ්ට පමණක් ලෝකඩ පදක්කම දිනා ගන්නට අවස්ථාව ලැබුණු අතර තත්පර 0.173 ක් ප්‍රතිකීයක වේගයක් සමඟ ආරම්භක පූවරුවෙන් නික්මුණ මෙලීශා ලොව හොඳම සිව්වන කාලය වාර්තා කරමින් ලොව වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වුණා.ලොව තෙවන වේගවත්ම ක්‍රීඩිකාව ලෙස තත්පර 10.60 න් මීටර් 100 දිව ගොස් ඇති,38 වියැති ෂෙලී ඈන් ප්‍රෙෂර් ට හිමි වුණේ ඉසව්වේ හයවන තැනයි.


ඔබ්ලික් සෙවිලි සමඟ ඔහුට වඩා ඉහළ දස්කම් දක්වා ඇති ජැමෙයිකාවේම කිශානි තොම්ප්සන් ද ආරම්භක රේඛාව මත සිටියත්,අවසානයට පැමිණ සිටි අට දෙනාගෙන් ඇමෙරිකානු නියෝජන දෙකක් සහ දකුණු අප්‍රිකානු නියෝජන දෙකක්ද දකින්නට ලැබුණා.තමන්ගේම රටේ කිශානි ඔලිම්පික් රිදී පදක්කම්ලාභියා වූ අතර ඔලිම්පික් රන් පදක්කම්ලාභියා වූ නෝආ ලයිල්ස් ද ඒ අතර සිටියා.ඔවුන් දෙදෙනාගෙන් කිශානිට රිදී පදක්කම සහ නෝආ ට ලෝකඩ පදක්කම හිමි වුණා.

මීටර් 200 ඔලිම්පික් රන් පදක්කම්ලාභි බොට්ස්වානා හී ලෙට්ස්ලෙ ටෙබොගෝ වැරදි ආරම්භයක් ලබා ගැනිම නිසා තරගයෙන් ඉවත් වූ අතර එවැනි තත්ත්වයකදී රන් පදක්කම වෙනුවෙන්ම මනස සකස් කර ගෙන සිටි ඔබ්ලික් සෙවිලි තත්පර 0.157 ක විශිෂ්ඨ ආරම්භයක් ලබා ගන්නට තරම් මනසින් ඉසව්ව සමඟ සබැඳී සිටියා.


ජැමෙයිකානු වේග උත්පාදන ටර්බයිනය වන ග්‍රීන් මිල්ස් සෙවිලි ගෙත් පුහුණුකරු වීම විශේෂයි.මිල්ස් සතු ක්‍රීඩකයාව මනසින් කෙතරම් ශක්තිමත්ව තරගය සඳහා සූදානම් කිරීමේ හැකියාව මේ ඉසව්වේදී දකින්නට ලැබෙන්නේ එහි හොඳම ප්‍රතික්‍රීයක වේගයද ඔබ්ලික් සෙවිලිටම හිමිව තිබෙන නිසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මහින්ද සුළඟින් නාමල් සුවඳ” – නාමල් නව ගමනක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ජනපති අතින් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

පුනරුදයේ පුරවර අදින් ඇරඹේ!

කොළඹ LNW: ‘පුන­රු­දයේ පුර­වර’ පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීමේ...

රටේ අනාගතය වෙනුවෙන් සියලු නායකයින් එකතු වෙන්න ඕනේ. රනිල්ට නායකත්වය දෙන්න පුළුවන් – වජිර

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් සියලු නායකයින් එකම...