ගල් අඟුරු නෑ – ජලාශවල ජලය නෑ – ඩීසල් නෑ – විදුලි කප්පාදුවක් අත ළඟ!

පසුගිය කාලයේදී පැවති අධික වර්ෂා තත්වය හේතුවෙන් පිරීගිය ජලාශවල ජල මට්ටම මේ වනවිට අවම වී ඇති බව වාර්තා වේ. මේ නිසා ජලය භාවිතයෙන් විදුලි නිෂ්පාදන කටයුතු අවම වී තිබෙනවා. විදුලි උත්පාදනය සඳහා ජලය ලබා ගන්නා ජලාශවල රොන්මඩ පිරීම නිසා ඉතා නුදුරේදීම ජල විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවීමට සිදුවීමේ අවදානමක්ද මතුව තිබේ.

මේ අතර ඩොලර් හිගය හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ඩීසල් සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින අතර මේ වනවිටත් තාප බලාගාරය වසාදමා ඇති බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසන්නේ.

දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින තෙල් සංස්ථාව විදුලි උත්පාදනය සඳහා තවදුරටත් ණයට ඩීසල් ලබාදීම අත්හිටුවා ඇති අතර ඩීසල් අවශ්‍ය නම් ඒ සඳහා ඩොලර්වලින් ගෙවීම් සිදු කරන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විදුලිබල මණ්ඩලයට ඇති එකම විසඳුම වී තිබෙන්නේ නොරොච්චෝලේ තාප බලාගාරයයි. කෙසේ නමුත් එම බලාගාරයේද විදුලි ජනන යන්ත්‍ර විටින් විට අක්‍රිය තත්වයට පත්වන අතර පසුගිය මාස කිහිපය තුළ අවස්ථා කිහිපයකදී එවැනි තත්වයන් වාර්තා විය.

මීට අමතරව ඉදිරි කාලයේදී විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීමද අර්බුදයට ගොස් තිබෙනවා. අවසන් වරට ගල් අඟුරු මිලදී ගැනීමට අදාලව ටෙන්ඩර් කැඳවූ අවස්ථා දෙකේදීම කිසිදු සැපයුම්කරුවෙකු ඒ සඳහා ඉදිරිපත් වී නොතිබිණි. රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් සැපයුම්කරුවන් ටෙන්ඩර් ඉදිරිපත් නොකරන බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය මත ඉතා නුදුරේදීම රටටම දැනෙන විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවයි විදුලිබල වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...