තැන්නේ ඤාණානන්ද හිමිගේ ”පන්සලේ මල්සරා” ජනගත වෙයි! (PHOTOS)

Date:

කොළඹ LNW: තැන්නේ ඤාණානන්ද හිමියන් විසින් රචිත ”පන්සලේ මල්සරා” කාව්‍ය කෘතිය එළිදැක්වීම ඊයේ (19) කොළඹ සුදර්ශියේදී සිදුවිය.

එහිදී ප්‍රධාන දේශනය කේ.කේ. සමන් කුමාර මහතා විසින් සිදුකරන ලද අතර බිබිලාදෙණියේ මහානාම හිමි,ධම්මචාරී මෙහෙණිය, පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය,රාජකීය පණ්ඩිත ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශයේ දර්ශනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුඹුගොඩආරේ පඤ්ඤාලෝක හිමි, නිලාර් එන් කාසිම්, ලක්මාල් ධර්මරත්න යන අය සෙසු අදහස් දැක්වීම් සිදුකරන ලදී.

මේ අතර සුදත් ලියනගේ සහ කෞෂි මද්දුමබණ්ඩාර හිටිවන කවි ප්‍රාසංගික අත්දැකීමකින් එම අවස්ථාව වර්ණවත් කළහ.

”සිසිවන උවන නොව දුටුවේ මේකප් ය
තිසර තන නොවේ මිරිකුවේ බ්‍රා කප් ය
දිසි රණලියගේ ඒ ලව් එක බ්‍රේකප් ය
හීන කියන්නේ කොහොමත් ලොලි පොප් ය ”
තැන්නේ ඤාණානන්ද හිමි විසින් රචනා කරන ලද ”පන්සලේ මල්සරා” උන්වහන්සේගේ රැඩිකල් කාව්‍යකරණයේ තවත් සුවිශේෂී පියවරක් ලෙස දැක්විය හැකිය.

පන්හිඳක දඟ (ගේය පද), පන්හිඳක දඟ (නිසදැස්), රස්තියාදු සාදු, ගංගාවී, සුදු මැණිකෙ සහ දෙවරක් පෙරන ලද පිරිත් පන් යන කෘති තැන්නේ ඤාණානන්ද හිමි විසින් රචනා කරන ලද සෙසු කෘතීන්ය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...