රත්නපුරේ නීතිඥවරයෙකුගේ නිවසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක් රත්නපුර පොලිසිය මගින් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.ඒ රත්නපුර, ගොළුවාවිල පටුමඟ ප්‍රදේශයේදීය.

එහිදී, මෙරට නිෂ්පාදිත රිවෝල්වර අවියක්, පිස්තෝල අවියක්, පතරොම් 24ක්, හක්කපටස් 53ක්, බෝර 12 පතරොම් 383ක් හා බෝර 16 පතරොම් 57ක් එලෙස පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

එම නිවස හිමි 71 හැවිරිදි නීතිඥවරයා මීට දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

හෝමාගම පොලීස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයාම – පොලිස් නිලධාරීන් ඇතුළු 17කගෙන් ප්‍රකාශ අරන්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු...

ඊශ්‍රායල මැතිවරණය: අරාබි ඡන්ද ප්‍රතික්ෂේප කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඡන්ද බලයෙන් ආසන...

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...