ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW:

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මඟින් ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ නියුතු පිරිස විසින් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම මූලික අරමුණු සහිතව ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය ජනගත කිරීම 2025.07.16 වන දින කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කරනු ලැබීය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී “ග්‍රන්ථ නිර්මාණකරණයේ දී සංස්කරණයේ අවශ්‍යතාව” මැයෙන් සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා සහ “නූතන නිර්මාණකරුවා අවධානය යොමු කළ යුතු අංශ” මැයෙන් මහාචාර්ය රත්නසිරි අරංගල මහතා විසින් දේශන දෙකක් පවත්වන ලදී.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්, නිර්මාණකරුවන්, ප්‍රකාශකයින්, මුද්‍රණකරුවන් සහ අදාළ ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ආදී රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා විශාල පිරිසක් එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...