ආදර්ශ ඩිපෝ විසිපහක් සංවර්ධනය කිරීමේ වැඩසටහන තලංගමින් ඇරඹෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW :

ආදර්ශ ඩිපෝ විසිපහක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ඇරඹෙයි. ඩිපෝ 25 සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථා වැඩසටහන තලංගම ශ්‍රී ලංගම බස් ඩිපෝවේදී ඊයේ (19) පෙරවරුවේ ආරම්භ කෙරිණ.ලංගම මගින් මගී ජනතාවට ආරක්ෂිත සහ සුවපහසු සේවයක් සැලසීම එහි ප්‍රමුඛතම අරමුණයි. ඊට සමගාමීව  ඩිපෝවල මූල්‍යමය කළමනාකරණය විධිමත් කිරීම සහ ලාබ ලබන තත්වයට පත් කිරීම නව වැඩසටහනේ අපේක්ෂාවකි.

සේවා ගුණාත්මකභාවයට සමගාමීව සේවකයන්ගේ පහසුකම් වැඩිකිරීමටද සැලසුම් කර ඇත. විනයගරුක සේවයක් ලංගම ඔස්සේ සැපයීම එහි අරමුණයි. මෙම අවස්ථාව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, ගුණාත්මක සහ ආරක්ෂිත ප්‍රවාහන සේවයක් මගී ජනතාව වෙත සැලසීම රජයේ ප්‍රතිපත්තිය බවයි.

ඒ සඳහා ලංගමයට විවිධ ප්‍රතිසංස්කරණ  හඳුන්වාදීම රජයේ ප්‍රතිපත්තියයි. දැනට යෝජිත සංශෝධන කිහිපයක් ඉදිරියේදී ක්‍රියාවට නැංවෙයි. ඩිපෝ ප්‍රතිසංස්කරණයද එහි අදියරකි. තලංගම ඩිපෝවේ පැවති උත්සවයේදී අමාත්‍යවරයා කියා සිටියේ, තලංගම ඩිපෝවේ ප්‍රතිසංස්කරණ  මාස තුනකදී අවසන් කිරීමට තීරණය කර ඇති බවයි. මාර්ග සංවර්ධන අධිකාරිය ද වැඩපිළිවෙලට සහාය දක්වයි. තලංගම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වැය කෙරෙන මුදල  රුපියල් මිලියන 125 කි.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ ලංගම සේවා සපයන්නේ ජනතාව වෙනුවෙන් බවයි. විධිමත් සේවා සැපයීමෙන් විධිමත් සේවා සැපයීමෙන් ලැබෙන ලාභය සේවකයන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීමට ප්‍රතිශතාත්මකව වෙන් කෙරේ. ඊට අවශ්‍ය සැලසුම් රජය විසින් සකසනු ලැබ ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොතුවිල් මූලික රෝහලේ  තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : නැගෙනහිර පළාතේ පොතුවිල්...

ඇමෙරිකානු මහ බැංකු පොලිය 0.25 කින් කැපීම, අපේ මුදල්වලට බලපාන හැටි.

මූල්‍ය සාක්‍ෂරතා අත්වැල 03 ලිපියේ අරමුණ සහ පසුබිම   ඇමෙරිකානු මහ බැංකුව විසින්...