දුමින්ද නාගමුව අත්අඩංගුවට

Date:

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කඩුවෙල පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් විසිනි.

අධිකරණ ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා අධිකරණයට අපහාස කිරීම හා අධිකරණයට සතු දේපලවලට හානි සිදු කිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබෙනවා. කඩුවෙල පොලීසිය පවසන්නේ අධිකරණය මගින් නිකුත් කළ විවෘත වරෙන්තුවක් මත නාගමුව මහතා අත්අඩංගුවට ගත් බවයි.

මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු පස් දෙනෙකු ඇප මත නිදහස් කරන්නැයි ඉල්ලමින් පසුගිය නොවැම්බර් 04 වැනිදා නාගමුව මහතා ඇතුළු පිරිසක් අධිකරණය ඉදිරියේ උද්ඝෝෂණයක නිරත විය. මෙම උද්ඝෝෂණය හරහා අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව පවසමින් නාගමුව මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

චන්ද්‍රසේකර් ප්‍රපංචයේ මනෝවිශ්ලේෂනය ….

අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට...

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...