දුමින්ද නාගමුව අත්අඩංගුවට

Date:

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කඩුවෙල පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් විසිනි.

අධිකරණ ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා අධිකරණයට අපහාස කිරීම හා අධිකරණයට සතු දේපලවලට හානි සිදු කිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබෙනවා. කඩුවෙල පොලීසිය පවසන්නේ අධිකරණය මගින් නිකුත් කළ විවෘත වරෙන්තුවක් මත නාගමුව මහතා අත්අඩංගුවට ගත් බවයි.

මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු පස් දෙනෙකු ඇප මත නිදහස් කරන්නැයි ඉල්ලමින් පසුගිය නොවැම්බර් 04 වැනිදා නාගමුව මහතා ඇතුළු පිරිසක් අධිකරණය ඉදිරියේ උද්ඝෝෂණයක නිරත විය. මෙම උද්ඝෝෂණය හරහා අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව පවසමින් නාගමුව මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...