Tasty Tuesdays: මඤ්ඤොක්කා සමඟ නයි මිරිස් සම්බෝලේ! From Root to Fire: The Magic of Cassava & Nai Miris Sambol

0
122

සටහන – පුලී

සැප්තැම්බර් 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතියේ රස හඟවන කෑමක් ලෙස නයි මිරිස් සම්බෝලෙත් එක්ක කැඳවෙන මඤ්ඤොක්කා කෑල්ලක් පිළිගැන්වීම ආදි කාලයේ සිට පැවත එන්නකි. මේක සාමාන්‍ය කෑමක් වගේ පෙනුනත්, ඉන් සරල කුසගින්නක් පමණක් නොව, ඉතිහාසය, ග්‍රාමීය ජීවිතය සහ අපේකම රැගෙන එන රස සැමරුමකි.


ඉතිහාසයෙන් බිඳක්!

මඤ්ඤොක්කා(cassava) යනු දකුණු ඇමරිකාවේ සිට 16 වන ශතවර්ෂයේදී පෘතුගීසි ජාතිකයන්ගෙන් ආසියාවටත්, අප්‍රිකාවටත් ගෙනාපු කෘෂි බෝගයක්. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ එය දකුණු ග්‍රාමවල ඉක්මනටම ජනප්‍රිය උනා. ගොවිතැනේ දී මඤ්ඤොක්කා හොඳින් ගොඩනගා ගන්න පුළුවන් නිසා ගෘහස්ථයන්ට ආධාරක ආහාරයක් ද උනා. අඩු ආර්ථික ශ්‍රමයක්, විශේෂයෙන්ම උත්සව සමයේ දී “මඤ්ඤොක්කා” බත් වෙනුවට කෑමට භාවිතා කරන ලද්දේ අන්න ඒ නිසායි.

ඒ වගේම නයි මිරිස් සම්බෝලේ ඉතිහාසයත් තවත් විශේෂයි. නයි මිරිස් (bird’s eye chili) අපේ උණුසුම් කාලගුණයට ගැලපෙන රස ඉස්මතු කිරීමේ හැකියාවත් එක්ක ගම් ගෘහස්ථයන්ගෙන් ගොඩක් ආදරය මැඳ හැදෙන දෙයක්. මේ රසය මඤ්ඤොක්කාත් එක්ක ගැලපෙන එක අපේ කෑමට නූතන රසය සහ ග්‍රාමීය ජීවිතයේ සරලත්වය දෙකම එකතු කරනු ඇත.



මඤ්ඤොක්කා සහ නයි මිරිස් සම්බෝලේ රහ!

“මඤ්ඤොක්කා” මද රස සහිත ආහාරයකි. නයි මිරිස් සම්බෝලේ තරමක අරගලකාර රසය එක්වූ විට එය රස ගැලපීමේ අද්විතීය බවක් ගම්‍ය කරන්නේ “හාස් හූස්” ගාමින් ය. ගම් ගෘහස්ථයන්ට මේක උදේ කෑමක්, සවසේ කම්මැලිය නැති කරන්නක්, නැත්නම් රාත්‍රී කෑමක් වශයෙන් ද මෙය යොදා ගනු ඇත.

මඤ්ඤොක්කා සහ නයි මිරිස් සම්බෝලේ (රෙසිපිය)

අවශ්‍ය ද්‍රව්‍ය:
• මඤ්ඤොක්කා 500g (කැබලි කරගත්)
• කහ
• ලුණු (රස අනුව)
• වතුර අවශ්‍ය තරමට

නයි මිරිස් සම්බෝලයට:
• නයි මිරිස් කරල් කිහිපයක්
• රතු ලූණු ගෙඩියක් (කුඩාවට කපා ගත්)
• උම්බලකඩ කුඩු (Maldive fish)
• දෙහි ගෙඩියක්
• ලුණු (රස අනුව)
සකසා ගන්නා ආකාරය;

මඤ්ඤොක්කා සකස් කිරීම
•මඤ්ඤොක්කා පොතු හැර මධ්‍යම ප්‍රමාණ කැබලි වලට කපා ගන්න.
•වතුර දමා එහි ලුණු සහ කහ දමා මිනිත්තු 20–25 තුරු මෘදු වෙන තෙක් තම්බා ගන්න.
•වතුර වෙන් කර කැබලි ටික බාජනයකට දමා ගන්න.

නයි මිරිස් සම්බෝලේ සකස් කරගන්නා ආකාරය;
•නයි මිරිස් සහ ලූණු වංගෙඩියක හෝ බ්ලෙන්ඩරයක දමා කොටා ගන්න.
•ඉන්පසු ලුණු, උම්බලකඩ, දෙහි එක්ක හොඳට මිශ්‍ර කරන්න.
•රස බලලා අවශ්‍ය නම් ලුණු හෝ දෙහි තවත් එක් කරන්න.

උණුසුම් මඤ්ඤොක්කා කැබලි පිඟානක දාන්න.
නයි මිරිස් සම්බෝලෙන් ටිකක් දමාගෙන උණු උණුවේම පිළිගන්වන්න.
තේ කෝප්පයක් එක්කනම් පංකාදු පහයි!!!