“මිදිගම රුවන්ගෙන්”ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අධිකරණයෙන් අවසර!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23 කොළඹ LNW :

නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු බව කියන රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නමැත්තාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අද අවසර ලබා දුන් බව සඳහන් වේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසිනි.

පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා මෙම සැකකරුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය වී තිබෙන බව සඳහන් කළ අතර, ඒ අනුව බන්ධනාගාරගතව සිටින මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා ඔක්තෝම්බර් මස 13 වනදා මෙම සැකකරුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසත් නියෝග කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...