ARKIA AIRLINES වෙතින් නව ගමනක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23 කොළඹ LNW :

අද සිට සෑම සතියකම අඟහරුවාදා පස්වරු 18.30 ට , ඊශ්‍රායලයේ  ARKIA AIRLINES ගුවන් සමාගමේ IZ 639 දරන ගුවන් යානය ටෙල්අවිව් ගුවන් තොටුපොළේ සිට කොළඹ බලා ගමන් කිරීමට නියමතව ඇති අතර,  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව IZ 639 දරන ගුවන් යානය හෙට උදේ  06.15ට කොළඹ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙම ගුවන් යානය සීෂෙල්ස්  හරහා ගොස්  කොළඹට පැමිණීමට හා කොළඹ සිට ටෙල් අවිව් බලා ගමන් කිරීමට පැය 09.15 කාලයක් ගතවේ. ඒ, ඕමානය හා මාලදිවයින ඊශ්‍රායිල්  ගුවන් යානා සඳහා ගුවන් අවකාශය තහනම් කිරීම හේතුවෙනි. හෙට (24) රාත්‍රී 22.30ට කොළඹින් පිටත්වන IZ 640 ගුවන් යානය බ්‍රස්පතින්දා (25) උදෑසන 05.35ට ටෙල්අවිව් බලා පැමිණීමට නියමිත ය. 

මෙම ගුවන් යානාය සතිපතා එක්වරක් ක්‍රියාත්මක කරන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...

සුව ඇමති හමු වූ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි Trinh Thi Tam!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: මේ මොහොතේ සමාජ මාධ්‍ය...