ARKIA AIRLINES වෙතින් නව ගමනක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23 කොළඹ LNW :

අද සිට සෑම සතියකම අඟහරුවාදා පස්වරු 18.30 ට , ඊශ්‍රායලයේ  ARKIA AIRLINES ගුවන් සමාගමේ IZ 639 දරන ගුවන් යානය ටෙල්අවිව් ගුවන් තොටුපොළේ සිට කොළඹ බලා ගමන් කිරීමට නියමතව ඇති අතර,  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව IZ 639 දරන ගුවන් යානය හෙට උදේ  06.15ට කොළඹ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙම ගුවන් යානය සීෂෙල්ස්  හරහා ගොස්  කොළඹට පැමිණීමට හා කොළඹ සිට ටෙල් අවිව් බලා ගමන් කිරීමට පැය 09.15 කාලයක් ගතවේ. ඒ, ඕමානය හා මාලදිවයින ඊශ්‍රායිල්  ගුවන් යානා සඳහා ගුවන් අවකාශය තහනම් කිරීම හේතුවෙනි. හෙට (24) රාත්‍රී 22.30ට කොළඹින් පිටත්වන IZ 640 ගුවන් යානය බ්‍රස්පතින්දා (25) උදෑසන 05.35ට ටෙල්අවිව් බලා පැමිණීමට නියමිත ය. 

මෙම ගුවන් යානාය සතිපතා එක්වරක් ක්‍රියාත්මක කරන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...