ඩිජිටල්කරණය නිසි ලෙස යොදාගන්නා ජනතාවට ප්‍රතිලාභ වැඩියි – මහ බැංකු අධිපති

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW :

ෆින්ටෙක් 2025 සමුළුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (24) දින පැවැත්වුණි.

සැප්තැම්බර් මාසය ඩිජිටල් මාසය ලෙස නම්කරමින් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ පිළිබඳ පුළුල් ප්‍රචාරණයක් ලබාදීම ඇතුළු කරුණු මෙහි ප්‍රාධාන අරමුණු වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීම සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ ලබාදෙන පියවරක්. එම පාර්ශ්වකරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුව, දෙවැනුව වාණිජ බැංකු, පාරිභෝගිකයින් ඒ කියන්නේ ජනතාව අයත්වනවා. මූල්‍ය සේවා හෝ අවම වශයෙන් ගෙවීම් ක්‍රමවේදයන් ඩිජිටල්කරණය තුළින් මුදල් මුද්‍රණය සඳහා පිරිවැය අඩුවී මුදල් ඉතිරියක්ද සිදුවනවා. එහිදී මහ බැංකුවට එම ප්‍රතිලාභ ඉදිරි තලයට ලබාදිය හැකිවේවි. වාණිජ බැංකු මගින් ඩිජිටල්කරණය සඳහා සිදුකරන ආයෝජන ඉහළ ප්‍රතිලාභ හිමිකර දෙන බව කිව යුතුයි. මුදල් හුවමාරු සහ මුදල් පරිපාලනය ඉන් පහසුවනවා වගේම පිරිවැය අඩුකරනවා. මම හිතන විදිහට එයින් වැඩිම ප්‍රතිලාභයක් හිමිවන්නේ පාරිභෝගිකයින්ට. බැංකුවට නොගොස් ගනුදෙනු කරන්න එමගින් ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඩිජිටල්කරණය නිසි ලෙස යොදාගන්නා ජනතාවට තමයි මෙහිදී වැඩිම ප්‍රතිලාභය හිමිවන්නේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...