අද (25) දවසේ මි.මී. 100 තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (සැප්තැම්බර් 25) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට වෙනස් වන සුරාබදු දෙපාර්තමේන්තුව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : අද (24) ...

වෙන කවරදාටත් වඩා පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය අද දේශපාලනීකරණය වෙලා – ආචාර්යවරුන්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඉවත්කිරීමේ...

ජනපති අනුරගේ නත්තල් දින පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග...