පෞද්ගලික බස් ධාවනය 50% දක්වා වැඩිකෙරේ

Date:

හෙට (20) සිට සමස්ත පෞද්ගලික බස් රථවලින් 50%ක් ධාවනයට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ලංගම ඩිපෝ මගින් අඛණ්ඩව පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීමට බලශක්ති අමාත්‍යවරයා එකඟතාව පළ කිරීම මත මෙසේ හෙට දිනයේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ 10,000කට අධික ප්‍රමාණයක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම මේ සතිය තුළ පෞද්ගලික බස් රථවලින් 70%ක් දක්වා ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව පැවසූ ඒ මහතා මෝටර් රථ සහ යතුරු පැදි වෙනුවට හැකිතාක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...