ලෝක කුසලානය ප්‍රදර්ශනය සමඟ පැවති සැහැල්ලු පන්දු තරගාවලියේ අවස්ථා…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 25, කොළඹ LNW:

මේ මස 30 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන ලෝක කුසලාන ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීම වෙනුවෙන් සිදුකරනු ලබන කුසලාන සංචාරයේ දෙවැනි දිනය වූ සැප්තැම්බර් 23 වැනිදා එම කුසලාන සංචාරයට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන නුගේගොඩ අනුලා, මොරටුව වේල්ස් කුමරි, සිරිමාවෝ සහ විශාකා විදුහල් බාළිකා ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පවත්වනු ලැබීය.

කොළඹ ක්‍රීඩා සමාජ පිටියේ පැවැති මෙම තරගාවලිය සඳහා
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩිකාවන් වන තරුකා ෂෙහානි, හංසිමා කරුනාරත්න, කෞෂනී නෘත්‍යාංගනා සහ චේතනා විමුක්ති යන ක්‍රීඩිකාවන් සහභාගිවූ අතර එහිදී ඔවුන් එක් එක් කණ්ඩායම් වෙනුවෙන් උපදේශකවරියන් ලෙසින් ක්‍රියා කළහ.


සැහැල්ලු පන්දුව භාවිතයෙන් පැවැති මෙම සුහද ක්‍රිකට් තරගාවලිය අවසානයේදී, මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන් වෙනුවෙන් පිරිනැමෙන ලෝක කුසලාන සමඟ එකට හිඳ ඡායාරූප ගැනීමේ අවස්ථාවද පාසල් ක්‍රීඩිකාවන්ට හිමිවීම සුවිශේෂීත්වයක් එක් කරන්නක් විය. මෙම අවස්ථාවේදී ඔවුන් සමග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුරතලුන් (Mascot) වන බ්ලේස් (Blaze) සහ ටොන්ක් (Tonk) ද පෙනී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...