දැන්වත් රටට හිතැති IMF ගිවිසුමකට යන්න – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:පසුගිය කාලයේ රට බංකොලොත් වීම හේතුවෙන් 260000ක් ව්‍යවසායකයන් අපහසුතාවලට ලක්වූ නිසා දැන් හෝ ව්‍යාපාරිකයින්ට හිතැති IMF ගිවිසුමක් සඳහා යොමුවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මේ වන විට කාර්තු 2ක ආර්ථික වර්ධන ඉලක්ක අභිබවා ගොස් තිබීම ඉතා හොද දෙයක් වන නමුත් 2028 සිට ඇ. ඩොලර් බිලියන 5.5ක් වාර්ෂිකව විදේශ ණය ගෙවන්න සූදානම් ද කියා ප්‍රශ්න කරන බවයි විපක්ෂ නායකයා විමසා සිටියේ.

පසුගිය රජය අනුගමනය කළ IMF ගිවිසුම අනුගමනය නොකර නැවත සාකච්ඡාවකට යන්නේ නම් 2033 සිට ණය ගෙවන්න හැකි බවද හෙතෙම සඳහන් කරන ලදී.

රට තුළ 50%ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට පර්යේෂණ ආයතන රැසක් ප්‍රකාශ කර තිබෙන අතර එය පාරිභෝජන, ආදායම්, නිෂ්පාදන හා ආයෝජන දරිද්‍රතාවන් බවත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.

සාර්ව ආර්ථිකය මෙන්ම ක්ෂුද්‍ර ආර්ථිකය ගැන ද රජය සිතිය යුතු හෙයින් තනි පුද්ගලයන්, ගෘහ ඒකක, ව්‍යවසායකයන් සහ ව්‍යාපාර ගැන ද සිතිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලයේ දුප්පත්කම ගැන කතා කළ එක හොද දෙයක් වුවත් අස්වැසුම නිසා දුප්පත්කම නැති නොවන බවත් එය හුදෙක් පාරිභෝජනය පමණක් ඉලක්ක කර ගෙන ඇති බවත් අපනයනය, නිෂ්පාදනය, ඉතිරි කිරිම නොමැති හෙයින් රට තුළ දුප්පත්කම තුරන් කිරීමට පැහැදිලි වැඩසටහනක් අවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක නොවැම්බර්10, කොළඹ LNW : බස් රථයක් අඩි...

මේ රජය යන මාර්ගය හොඳයි.එක හැන්දෙන් බෙදන බව පේනවා – සරත් ෆොන්සේකා

කොළඹ LNW: මෙතෙක් කාලයක් පැවති රජයන් වලට වඩා වර්තමාන...

බන්ධනාගාර ගැන ඇහෙන අමුතු කතා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : ගාල්ල බන්ධනාගාරයේ හෝ...

මාක්ස්වාදී හිසකට නව ලිබරල් ඇඟක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත්දා සිය දෙවැනි...