දැන්වත් රටට හිතැති IMF ගිවිසුමකට යන්න – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:පසුගිය කාලයේ රට බංකොලොත් වීම හේතුවෙන් 260000ක් ව්‍යවසායකයන් අපහසුතාවලට ලක්වූ නිසා දැන් හෝ ව්‍යාපාරිකයින්ට හිතැති IMF ගිවිසුමක් සඳහා යොමුවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මේ වන විට කාර්තු 2ක ආර්ථික වර්ධන ඉලක්ක අභිබවා ගොස් තිබීම ඉතා හොද දෙයක් වන නමුත් 2028 සිට ඇ. ඩොලර් බිලියන 5.5ක් වාර්ෂිකව විදේශ ණය ගෙවන්න සූදානම් ද කියා ප්‍රශ්න කරන බවයි විපක්ෂ නායකයා විමසා සිටියේ.

පසුගිය රජය අනුගමනය කළ IMF ගිවිසුම අනුගමනය නොකර නැවත සාකච්ඡාවකට යන්නේ නම් 2033 සිට ණය ගෙවන්න හැකි බවද හෙතෙම සඳහන් කරන ලදී.

රට තුළ 50%ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට පර්යේෂණ ආයතන රැසක් ප්‍රකාශ කර තිබෙන අතර එය පාරිභෝජන, ආදායම්, නිෂ්පාදන හා ආයෝජන දරිද්‍රතාවන් බවත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.

සාර්ව ආර්ථිකය මෙන්ම ක්ෂුද්‍ර ආර්ථිකය ගැන ද රජය සිතිය යුතු හෙයින් තනි පුද්ගලයන්, ගෘහ ඒකක, ව්‍යවසායකයන් සහ ව්‍යාපාර ගැන ද සිතිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලයේ දුප්පත්කම ගැන කතා කළ එක හොද දෙයක් වුවත් අස්වැසුම නිසා දුප්පත්කම නැති නොවන බවත් එය හුදෙක් පාරිභෝජනය පමණක් ඉලක්ක කර ගෙන ඇති බවත් අපනයනය, නිෂ්පාදනය, ඉතිරි කිරිම නොමැති හෙයින් රට තුළ දුප්පත්කම තුරන් කිරීමට පැහැදිලි වැඩසටහනක් අවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...