පාලනය වෙනස් නොවුණානම් බලන්න වෙන්නේ ඒක පුද්ගල ආදායම නෙවෙයි ඒක පුද්ගල අයිස් පරිභෝජනය!

Date:

කොළඹ LNW: මීට වසරකට පෙර මේ රටේ ජනතාව එක් වී පාලනය වෙනස් නොකළා නම් අපිට අද බලන්න වෙන්නේ ඒක පුද්ගල අදායම නොව ඒක පුද්ගල අයිස් පරිභෝජනය බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමිනි.

”හෙරොයින් ප්‍රමාණය ජනගහණයෙන් බෙදලා ඒක පුද්ගල හෙරොයින් පරිභෝජනය. කන් හැන්දෙන් නෙවෙයි දෙන්න වෙන්නේ අග්ගලා හදල. එහෙව් රාජ්‍යයක් අපි වෙනස් කළේ.” යනුවෙන් පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ පසුගිය සතිය වන විට හෙරොයින් කිලෝ ග්‍රෑම් 928ක්,අයිස් කිලෝ ග්‍රෑම් 1396ක්, ගංජා කිලෝ ග්‍රෑම් 11192ක් ලෙස කිලෝ ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...