සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සම්බන්ධ වූ කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ “නොසැලකිලිමත් සහ ගිනි අවුලුවන ක්‍රියාවන්” උපුටා දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කරන බව පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව Xහි නිවෙදනය කර තිබුණේ, කොලොම්බියානු ජනාධිපතිවරයා නිව්යෝර්ක් නගරයේ වීදියක සිටගෙන එක්සත් ජනපද සොල්දාදුවන්ගෙන් නියෝගවලට අකීකරු වී ප්‍රචණ්ඩත්වය උසිගැන්වූ බවයි.

ඊයේ(26)දිනයේදී නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් දහස් ගණනක් සමඟ කොලොම්බියානු නායකයා එක්ව ඊශ්‍රායලය වෙනුවෙන් සිය විරෝධය පළකර තිබිණි.
එක්සත් ජනපදය මේ වන විටත් පලස්තීන රාජ්‍යක් පිළිනොගනියි. පසුගිය අගහරුවාදා(23)එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, යුරෝපිය රටවල් පලස්තීන රජයක් පිළිගැනීම වෙනුවෙන් තමාගේ විරෝධය පල කරන බවත්, හමාස් සංවිධානය පිළිගැනීම ඔවුන්ට ත්‍යාගයක් වන බවත්ය.