මානිගෙ තීරුව NOT OUT 36 ජනගත වෙයි!

Date:

කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානි ද මැල් මහතා විසින් රචිත “මානිගෙ තීරුව NOT OUT 36 ” අද (29) BMICH පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සරසවි ප්‍රකාශනයක් ලෙස එළි දැක්විය.

පුවත් පත් කලාව තුළ “මානි⁣ගෙ තීරුව ” වැඩිම කාලයක් ලියවී ඇති සිංහල පුවත්පත් තීරුව වන අතර 1989දී “දිවයින ඉරිදා සංග්‍රහයෙන්” ඇරඹුණු එය 1994දී “ලක්බිම ඉරිදා සංග්‍රහයට”ද 2019දී “සතිඅග අරුණට”ද මාරු විය.

ඒ අනුව අද වන විට එය අවුරුදු තිස්හයක් තිස්සේ ලියවී තිබේ.

වසර 2018 සිට 2025 දක්වා ලියවුණු තීරු අසූවක් ඇතුළත් “මානිගෙ තීරුව NOT OUT 36 ” එලෙස අද ජනගත වූ අතර මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී මානිගෙ තීරුව ගැන ප්‍රධාන දේශන පැවැත්වූහ.

සභාව මෙහෙයවීම සමන් අතාවුදහෙට්ටි මහතා විසින් සිදුකරන ලදී.

ආගමික නායකයින්, දේශපාලකයින්,මාධ්‍ය වෘත්තියකයින් ඇතුළු මැල් මහතාගේ හිතවතුන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෝදිසි මෙහෙයුමකදී බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් හමු වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බලකාය...

බංග්ලාදේශයේ පළමු අගමැතිනි Khaleda Zia ජීවන ගමනින් නික්මෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහජන ආණ්ඩුවක් අපි හැදුවා. සමාජ පරිවර්තනයත් සිදු වුණා – නි. ඇමති කෞශල්‍යා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහජන...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට විශිෂ්ඨ සම්මානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW: People's Excellency Awards 2025...